තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
175
6 වන බුවනෙකබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1470 - ක්‍රිව 1478
6 වන බුවනෙකබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu VI රාජ්‍ය නාමය : 6 වන බුවනෙකබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1470 - ක්‍රිව 1478

සපුමල් කුමරු ලෙස ප්‍රසිද්ධියට පත්වුණු මෙතුමා හයවන පරාක්‍රමබාහු මහරජුගේ මුණුපුරු දෙවන ජයබාහු මහරජු මරණයට පත්කොට රාජ්‍යත්වයට පත්විය. මේ පිළිබඳ ව අනෙකුත් මතය පිළිබඳ ව පෙර රජුගේ පිටුවෙහි සඳහන් කරන ලදී. මෙම රජු හයවන බුවනෙකබාහු මහරජු ලෙස හඳුනාගත හැක. රජවී නොබෝ කලකින් රට තුළ විශාල කැරැල්ලක් ඇතිවිය. මෙය —සිංහල    පෙරළිය˜ හෙවත් —සිංහල සංගය˜ ලෙස ඉතිහාසයේ දැක්වෙයි. මෙයට ප්‍රධානම හේතූන් අතර සපුමල් කුමරු දෙමළ සම්භවයකින් පැවත එන නිසාත් උතුරේ රාජ සභාවේ දෙමළ ප්‍රධානීන්ට කෝට්ටේ ප්‍රධානීන් දැක් වූ නොකැමැත්ත හා දෙවන ජයබාහු මහරජු මරා රජකම ලබාගත්ත හේතුවෙන් එවකට සංඝ රාජ පදවිය දැරූ ශ්‍රී රාහුල හිමියන් හයවන බුවනෙකබාහු මහරජුට පක්ෂපාතීත්වය නොදැක්වීම යන කරුණු දැක්විය හැක. දීර්ඝ කාලයක් පැවති මෙම සංග්‍රාමය අම්බුළුගල කුමරුගේ නායකත්වය යටතේ පාලනය කරන ලදී. ඔහු මුදවාගත් උතුර නැවතත් ආර්ය චක්‍රවර්තීන් කෝට්ටේ රාජධානියෙන් නිදහස් කොට පාලනය ගෙනගියේ ය. රජු මිය යන්නට ප්‍රථම —සිංහල සංගය˜ මෙහෙවීමේ නායකයන් හිරෙන් නිදහස් කොට තම පුතු වූ පණ්ඩිත පරාක්‍රමබාහු කුමරුගේ ආරක්ෂාව ඔවුන්ට බාර කළේ ය. සුප්‍රසිද්ධ නල්ලූර් කෝවිල මෙම රජු සංවර්ධනය කළ බව යාපනය ඉතිහාස මුලාශ්‍රවල සඳහන් වේ. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්