තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
146
3 වන වික්‍රමබාහු රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1196 - ක්‍රිව 1196
3 වන වික්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wickramabahu III රාජ්‍ය නාමය : 3 වන වික්‍රමබාහු රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1196 - ක්‍රිව 1196

රැයක් රජකම් කළ වීරබාහු රජුගෙන් පසු රජකමට පත්වූයේ වික්‍රමබාහු නම් කුමාරයෙකි. ඔහු ඒ නමින් පෙනී සිටි දෙවැන්නා හෙයින් දෙවන වික්‍රබාහු යනුවෙන් සැලකේ. පූජාවලිය හා මිණිපේ සෙල්ලිපියේ මොහු නම්කර ඇත්තේ එරපත්ත යනුවෙනි. මහාවංසය එය දක්වන හැටියට මේ කුමාරයා නිශ්ශංකමල්ල රජුගේ සහෝදරයෙකි. ඔහුගේ කාලයේදී ඈපා තනතුරු ලබා සිටි වික්‍රමබාහු සිහසුන පිළිබඳව අපේක්‍ෂාවෙන් සිටින්නට ඇත. නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවල තුලාභාර නැගී අය අතරට මේ කුමාරයා ද අයත් වූ බව දක්වා ඇත. ඔහු රාජ සභාවේ වැදගත් ස්ථානයක් ලබා සිටි බව මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි. නිශ්ශංකමල්ල රජුගෙන් පසු රජකමට පත් වූ වීරබාහු රජු සිහසුනෙන් පහ කිරීමට වික්‍රමබාහු කුමාරයාගේ පෙලඹවීමක් තිබෙන්නට ඇතැයි කල්පනා කළ හැකිය. මේ කාලයෙහි රාජ්‍යත්වයේ උරුමය පිළිබඳ වියවුල් තත්ත්වයක් පැවතී බව පෙනේ. රජුගෙන් පසු බෑනා රජවීම, පුතා රජවීම, සහෝදරයා රජවීම ආදී වශයෙන් නොවූ පිළිවෙළක් විය. එය රාජ්‍ය ලෝභී කුමාරවරුන් විසින් ඇති කරන ලද්දක් බව පෙනුණ ද එහි පසුබිමේ සිටියේ රජයේ බලගතු තනතුරු දැරූවන් බව කල්පනා කළ හැකිය. මෙහිදී වික්‍රමබාහු කුමරුට රාජ්‍ය ලබා ගැනීම සඳහා තාවුරු සෙනෙවිරත් නිශ්චිත ආධාර කරන්නට ඇති බව ද සිතිය හැකිය.
 
රජමාළිගාව තුළ වැඩෙමින් තිබුණු කුමන්ත්‍රණ මැද මේ කුමාරවරුන්ගේ දින කීපයක් රජකම් කිරීම් අවසන් වූයේය. වික්‍රමබාහු රජුගේ පාලන කාලය මාස තුනකට සීමා වූයේ මේ නිසා බව පැහැදිළිය. නිශ්ශංකමල්ල කුමරු සමඟ හෝ ඊට පෙර සිට හෝ රටට පැමිණි කාලිංග කුමාරවරුන්ගේ රාජ්‍යලොභී මේ අරගලය පොලොන්නරු රාජධානිය බිඳ වැටෙන්නට ද හේතුවක් වූවට සැක නැත. එය විදේශිය සතුරන්ට ආවඩා කැඳවන්නක් ද වූ බව පෙනේ.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්