තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
28
කුඩා තිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 50 - ක්‍රිපූ 47
කුඩා තිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kuda Thissa රාජ්‍ය නාමය : කුඩා තිස්ස රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 50 - ක්‍රිපූ 47

 
චොරනාග රජු මරණයට පත් වීමෙන් පසු මහාචූලික මහාතිස්ස රජුගේ පුත්‍රයකු වූ තිස්ස කුමාරයා රජකමට පත් විය. මොහු පූජාවලිය ආදී ග්‍රන්ථවල සඳහන් වන්නේ කුඩාතිස් හෝ කුඩාතිස්ස වශයෙනි. ඔහුට රජකම කරන්නට ලැබුනේ වර්ෂ තුනක් පමණි. රිදී විහාරයෙහි ඇති ලිපියක සඳහන් වන තිස මහරජ කුඩාතිස්ස රජු හැටියට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුනා ගනී. ඔහුගේ රාජ්‍ය කාලය තුළ කරන ලද කිසිදු කාර්‍ය්‍යයක් වාර්තා වී නැත. චොරනාගගේ බිසොව වූ අනුලා කුඩාතිස්ස රජුගේ ද බිසොව වූ බව පෙනේ. සමහර විට ඇය චොරනාගට වස දෙන්නට ඇත්තේ කුඩාතිස්ස ගැන හැඟීමක් ඇති කරගෙන විය හැකි ය. එමෙන් ම ඇය ඔහුට ද වස දුන්නා ය. මහාචාර්‍ය්‍ය සෙනරත් පරණවිතාන කියන හැටියට ඇය මුළු කාන්තා සංහතියට ම නින්දා ගෙන දුන් දූෂිත චරිතයක් ඇති තැනැත්තියක් වූවා ය. අනුලා බිසොව කුඩාතිස් මරවා සිව නම් බලතා (බලථ) රජකමට පත් කළා ය. බලථයා ‛පේට්ඨදොවාරිකය’ යි මහාවංසය දක්වයි. මෙසේ දොරටුපල් තනතුර දරමින් සිට අහඹුවෙන් රජකම ලැබූ සිව වර්ෂයකුත් මාස දෙකක' රාජ්‍යය කළේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්