තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
105
3 වන කස්සප රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 724 - ක්‍රිව 730
3 වන කස්සප රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kassapa III රාජ්‍ය නාමය : 3 වන කස්සප රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 724 - ක්‍රිව 730

පස්වන අග්‍රබෝධි රජුගෙන් පසු රජකමට පත්වූයේ (704- 711) කාශ්‍යප කුමාරයාය. ඔහු ද මානවම්ම රජුගේ පුත්‍රයෙක් විය. ඔහු ඒ නමින් පෙනී සිටි තෙවැන්නා බැවින් තුන්වන කාශ්‍යප යනුවෙන් හැඳින්වෙයි. මේ රජු ගැන කෙරෙන මහාවංස විස්තරයෙහිද ඌණතාවක් දක්නට ලැබේ. රජුගේ ශාසනික කටයුතු විස්තර කිරීමේදී එය අතරමගදී කැඩී ඇත. මහාවංස කතාවේ පත් ඉරුවක් හෝ කිහිපයක් ගිලිහුණා විය යුතුය. කාශ්‍යප රජු පියෙකු දරුවන්ට මෙන් වැසියා ගැන කරුණාවෙන් සතර සංග්‍රහ වස්තුවෙන් රජකම් කළේය යන වංස කථාගත කෙටි විස්තරය සාම්ප්‍රදායික යෙදුමක්ම නොවේ. එය වැදගත් අර්ථ කථනයකි. මුලින් ආමණ්ඩ ගාමිණී අභය රජු විසින් වලංගුකර තිබූ මාඝාතය මේ රජු නැවතත් වලංගු කරන ලදී. රජු සියලු දෙනා වෙත ආචාර සම්පන්න වීම ගැන සඳහන් වීමද ඔහුගේ යහපත් චර්යාව පිළිබිඹු කරයි.
 
කාශ්‍යප රජුගේ යුගයට වැටෙන සෙල්ලිපියක් මාතලේ දිශාවේ ගැරඬිගල නම් ස්ථානයෙන් ලැබී තිබේ. මේ ලිපියෙහි දබ්ලිව් දුනු සිරිස බෝ මපුර්මුකා යනුවෙන් සඳහන් කර ඇත්තේ මේ රජු යැයි කියති. එහෙත් මේ පිළිබඳව මතභේද ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන ඉහතින් දැක්වූ අදහස දරයි. මේ ලිපිය අනුව කසුප් රජු පිළිබඳව කරුණු දෙකක් පැහැදිලි වෙයි. දදිව් දුනු යනුවෙන් දැක්වෙන සටහනින් පැහැදිලි වන්නේ කාශ්‍යප රජු ඉන්දියාවේ උපන් බව යයිද එතුමා පෙන්වා දෙයි. සමහරුන්ගේ අදහස එයින් දඹදිව ජයගත් යනුවෙන්ද අර්ථ දැක්විය හැකි බවයි. එසේ නම් මේ රජුගේ ලිපියක් ලෙස මෙය ගත නොහැකි වෙයි. කෙසේ වෙතත් එබඳු අර්ථයකින් හෙවත් දඹදිව ජයගත් යනුවෙන් අර්ථ ගන්නේ නම් එබඳු රජෙකු මේ ලිපියේ අක්‍ෂර හා භාෂාව අයත් වන යුගයේ නොසිටි බැවින් පරණවිතාන මහතාගේ මතය ඉවත් කළ නොහැකි වෙයි. අනෙක් අතට මාණවම්ම කුමරු පල්ලව රජු සමග මිත්‍ර වූ පසු මේ දිවයිනට පැමිණ තම භාර්යාව දඹදිව කැඳවාගෙන ගිය බව මහවංසයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇති බැවින් මේ කුමාරවරුන් දඹදිවදී උපන් බව සැක කළයුතු නැත.
 
දෙවන සේන රජතුමාට මේ ලිපියේ අයිතිය පැවරීමට මහත් උත්සාහයක් මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් දරා ඇති බවද මෙහි ලා සඳහන් කිරීම සුදුසුය. ලිපියෙහි සඳහන් වන මහින්ද මහපාණන් යනු තුන්වන කාශ්‍යප රජුගෙන් පසු රජකමට පත් වූ පළමුවන මහින්ද රජු විය හැකිය. ලිපියෙන් පැහැදිලි වන අනෙක් කරුණ නම් තුන්වන කාශ්‍යප රජුගේ අභිෂේක නාමය සිරිසඟබෝ යනු බව මේ ලිපියෙන් එළිදරව් වීමයි. මේ උපාධිය බොහෝ රජවරු මේ යුගයේ දී ගෞරව නාමයක් ලෙසින් තම නමට යොදා ගත්හ. ගැරඬිගල ලිපියෙන් කරන ලද පූජාව අන්‍යදායකයකුගේ වුවත් මහාවංසයෙන් ගිලි හී ඇති ඉහත සඳහන් කරුණු මේ පිළිබඳ ඉතිහාසය ගොනු කිරීමේදී වැදගත් වේ. පූජාවලිය, රාජාවලිය ආදී ග්‍රන්ථවල සඳහන් වන විස්තරවලට අනුව තුන්වන කාශ්‍යප රජුගේ කාලය සත් වසරක් බව කියැවේ.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්