තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
12
සේන හා ගුත්තික
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 237 - ක්‍රිපූ 215
සේන හා ගුත්තිකගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
Sena and Guttika රාජ්‍ය නාමය : සේන හා ගුත්තික
රාජවංශය : ද්‍රවිඩ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 237 - ක්‍රිපූ 215

සූරතිස්ස රජුගේ කාලය අවසන් වූයේ අස්නැවියකුගේ පුතුන් දෙදෙනෙකු විසින් රාජ්‍යය පැහැර ගන්නා ලද හේතුවෙනි. ඔවුහු සේන හා ගුත්තික නම් වෙති. ඔවුන් මහත් බලයෙන් යුක්ත වී යැ යි දක්වන මහාවංසය දමිළ නමින් ද හඳුන්වයි. සේන හා ගුත්තික දෙදෙන උදක ශුද්ධික ද්‍රවිඩයන් හැටියට තවත් අවස්ථාවක දක්වන මහාවංසය ඔවුන්ගේ රාජ්‍යය සේස්හින්දගුත්ත වශයෙන් නම් කරයි. නුවරට දුරින් පිහිටි මල්වතුඔයේ ගැලුම් මග වෙනස් කර නුවරට ආසන්නයෙන් ගලා යාමට සැලැස්වීම ඔවුන්ගේ එක ම කාර්යය හැටියට සඳහන් වෙයි. එයින් අදහස් කරන්නේ ඔවුන් දියෙන් පිරිසිඳු වීම පහසුවෙන් කළ හැකි ය යි සලකා ඔය ළංකර ගත් බවය. 
 
මොවුන් ආක්‍ර‍්‍රමණිකයන් නොවිය හැකි ය. සේන ගුත්තික ලංකාවේ පදිංචිව සිටි ද්‍රවිඩයන් දෙදෙනෙකැ යි ජී. සී. මැන්දිස් මහතා දක්වා ඇති අදහසට හේතු සාධක නොපෙනේ. ඔවුන් අශ්ව වෙළෙඳාමේ පැමිණි පුද්ගලයන් බව පෙනෙන අතර ඔවුන් ද්‍රවිඩයන් ද නොවිය හැකි ය. අසුන් ගේ ප්‍රභවය දකුණු ඉන්දියාවට ආවේණික නොවන බැවින් මේ අය උතුරු ඉන්දියාවට සම්බන්ධ වෙළෙන්දන් විය හැකි| යැයි සමහරු දකිති. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ දී නව දහමක් ලත් මේ දිවයිනේ ජනතාව එයින් ප්‍රබෝධවත් වී දැහැමින් සෙමෙන් කෙරෙන ජිවිත යාත්‍රාව අගය කිරිමට තරම් පෙළඹී සිටියේ ය. ආක්‍රමණයක් ගැන හෝ යුද්ධයක් ගැන හෝ සිතීමට තරම් කරුණක් ද ඔවුනට නොවී ය. මේ වන විට එබඳු අත්දැකීම් ද ඔවුනට විරල විය. ධර්මාශෝක රජුගේ මිත්‍රත්වය මෙන් ම සහයෝගය ද මේ දිවයිනට ශක්තියක් වූවාට සැකයක් නැත. මතු ද විස්තර වන පරිදි එතුමාගේ අභාවයෙන් පසු මෞය අධිරාජ්‍යය ක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන්ගත්තේ ය. මෙහි අවසානය වූයේ සුංග නමින් බ්‍රාහ්මණ රාජවංශයක් බිහිවීමයි. 
 
මේ අන්දමින් මෞර්ය අධිරාජයේ දුර්වලවී යාම මෙරට දේශපාලන ඉතිහාසය කෙරෙහි ද බලපාන්නට ඇති බවට සැකයක් නැත. දක්‍ෂිණ භාරතීය ජනවර්ගවලට හෝ මූදු මංකොල්ලකරුවන්ට හෝ මේ රටට පැමිණ බලපැම් කිරිමට ඇති ඉඩ පුළුල් වී යාම මෙහි එක් ප්‍රතිඵලයක් විය හැකි ය. සේන ගුත්තික දෙදෙනා දිවයිනේ බලය අල්ලා ගැනීමට තරම් ප්‍රබල වූහ. මොවුන් මහාවංසය අස්සනාවික පුත්තා යනුවෙන් දක්වයි. එය ”අස්නැවි පුතුන්” යනුවෙන් සම්භාව්‍ය පරිවතනවල දක්වා තිබේ. බොහෝ ඉතිහාසඥයන් මෙයගෙන ඇත්තේ අසුන් වෙළෙඳාමේ පැමිණි වෙළෙඳකුගේ පුත්‍රයන් වශයෙනි. එහෙත් වෙළෙඳ පුත්‍රයන් හැඳින්වීමට පහසුවෙන් යෙදිය හැකි අස්සවාණිජ පුත්තා යන පෙළ වදන තිබිය දී එසේ නොයොදා අස්සනාවික පුත්තා යි යොදන ලද්දේමක්නිසාද යි කිසිවකු විමසා නැත. ප්‍රාකෘත සිංහලයේ අශි යනුවෙන් යෙදී ඇති වචනයක් වේ. මෙහි සමහරු ආයුෂ්මත් යනුවෙන් අථ දක්වති. බ්‍රාමි ලිපිවල මේ වචනය යෙදී ඇති ආකාරය (අශි, ශුමන වැනි) අනුව එම අර්ථයේ වඩා උපයෝගීතාවක් දක්නට නැත. එහි අසි (කඩුව) දරන්නා හෝ අශ්වාරෝහකයා යන අථ ද ඇති බව පැහැදිලි කරගත හැකි ය. අස්ස යනු එම අශි වචනය පෙළබසට නගාගත් ආකාරය විය යුත ය. එසේ නම් නැව්වලින් පැමිණි සන්නද්ධ කල්ලියක් අස්සනාවික පුත්තා යන්නෙන් හැඟෙන බව පෙනී යයි. සේන ගුත්තික දැහැමින් රජ කළ බව මහාවංසය කියයි. සේන ගුන්තිකයින්ගේ රාජ්‍ය කාලය ගැන මහාවංසය දරන මතය, දීපවංසයේ මතයට පටහැනි වේ. මහාවංසය ඔවුන්ගේරාජ්‍ය කාලය වර්ෂ විසි දෙකක් වූ බව දක්වතු අතර දිපවංසය වර්ෂ දොළහක් යැයි සඳහන් වෙයි.
 
පූජ්‍ය එල්ලාටල මෙධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්