තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
147
චෝඩගංග රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1196 - ක්‍රිව 1197
චෝඩගංග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Chodaganga රාජ්‍ය නාමය : චෝඩගංග රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1196 - ක්‍රිව 1197

මාස තුනක් රජ සුව විඳි වික්‍රමබාහු රජු මරණයට පත්කරමින් ඊළඟට සිහසුන ලබා ගත්තේ චෝඩගංග නම් කුමාරයෙකි. කාලිංග වංශිකයෙකි. මහාවංසය දක්වන හැටියට හෙතෙම නිශ්ශංකමල්ල රජුගේ බෑනා(භාගිනෙය්‍ය) කෙනෙකු වෙයි. එසේ නම් ඔහුගේ සහෝදරියකගේ පුතෙකි. නැගෙනහිර කාලිංගයේ ගංග වංශයට අයත් රජවරුන් චෝඩගංග නම බෙහෙවින් භාවිත කළ බව පෙනේ. මේ අනුව කාලිංගයෙන් පැමිණියෙකු බව පැහැදිළි වේ. චෝඩගංග සමහර නූතන ලේඛනවල හඳුන්වා ඇත්තේ චොඩගංග දෙව යනුවෙනි. එහෙත් පූජාවලිය, නිකාය සංග්‍රහය, රාජරත්නාකරය යන ග්‍රන්ථ වල මහාවංසය අනුව යමින් චෝඩගංග නම දක්වා තිබේ. මේ රජු විසින් කරන ලද කිසිදු කාර්යයක් මූලාශ්‍රය වල සටහන් වී නැත. එහෙත් ඔහු පිළිබඳව සටහන් වන ශීලා ලිපියක් තිරිකුණාමලයෙහි පෙඩ්‍රික්කොටුව ඇතුළේ තැනක තිබී හමුවිය. එය ගඋළුවහු කැබැල්ලක කොටා තිබුණේය. සංස්කෘත භාෂාවෙන් ලියා ඇති මේ ලිපියෙහි මුල් ශ්ලෝකය හා ‍කණ යන වචනය පමණක් දැනට ශේෂ වී ඇත. මෙහි රජු චොඩගංග දෙව යනුවෙන් සටහන් වෙයි. ඔහු ලංකාවට පැමිණි දිනය කටපයාදී ක්‍රමයට සඳහන් කර ඇත. මේ ලිපියෙහි ලංකාව ජයගත නොහැකි (අජය්‍යං ලංකාම්) රටක් හැටියට ද ඔහු දක්වයි. චොඩගංග තිරිකුණාමලයෙන් ගොඩ බැස්සේය. එහෙත් මේ ලිපියෙහි සඳහන්ව චෝඩගංග මේ රජ නොවේ යන මතයද වේ. ඒ ගැන ඉදිරියෙහි අවස්ථාවක විස්තර වෙයි. එවක මේ භූමිය හැඳින් වූයේ ගොකන් හෙවත් ගොකර්ණ යන නමිනි. මෙහි පැරණි ගොකර්ණ විහාරය පිහිටියේද දැනට කොවිලක් ඉදිකර ඇති භූමියේය. චොඩගංග රජු සිහසුන හෙබ වූයේ මාස තුනකි.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්