තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
99
2 වන දාඨෝපතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 659 - ක්‍රිව 667
2 වන දාඨෝපතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Datopathissa II රාජ්‍ය නාමය : 2 වන දාඨෝපතිස්ස රජතුමා
රාජවංශය : තුන්වන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 659 - ක්‍රිව 667

තුන්වන අග්‍රබෝධි රජුගේ සිට ඇති වූ අවුල් වියවුල්, කුමාරවරුන්ගේ රාජ්‍ය ලෝභය නිසා ආරම්භ වූ තත්ත්වයකි. දෙවන කාශ්‍යප රජුගේ මරණයෙන් පසු මේ තත්ත්වය තවදුරටත් උග්‍රවිය. රාජ්‍යය ලබා ගැනීම සඳහා ඒ ඒ කුමාරවරුන් විසින් ඉන්දියාවෙන් ගෙන එන ලද කුලී හමුදා වල සිටි දෙමළ ජනයා මෙල්ල කළ
නොහැකි අවස්ථාවකට පත් වී සිටියේය. මාණ කුමාරයා සිය මයිලණුවන්ගේ අවසන් කටයුතු සිදුකර රට වැසියාට සංග්‍රහ කළ නමුත් නගරයෙහි සිටි ද්‍රවිඩයන් වියවුලක් ඇති කර තිබූ බව පෙනේ.
 
මාණ කුමාරයාට ඔවුන් පළවා හැරීමට සිදු වූ බව මහාවංසයෙහි දැක්වෙන ප්‍රවෘත්තියෙන් පෙනී යයි. එහෙත් මාණ කුමාරයා කිසියම් කටයුත්තක් සඳහා නුවරින් බැහැර වී සිටි අතරකදී ද්‍රවිඩයෝ නගරය අල්ලා ගත්හ. මේ කරුණු සිදුවෙද්දී වෙනත් පටලැවිල්ලක්ද ඇති විය. දාඨෝපතිස්ස හා කාශ්‍යප රජු අතර සටන් පවත්නා කාලයේදී දාඨෝපතිස්සගේ බෑනා කෙනෙකු වූ හත්‍ථදාඨ නම් තැනැත්තෙක් දඹදිවට ගොස් සිටියේය. දෙමළුන් නගරය අල්ලා ගත් පසු ඔවුහු හත්ථදාඨට රජ කම ගැනීම සඳහා පැමිණෙන ලෙස පණිවිඩ යැවූහ. සමහර විට මේ වියවුල හත්ථදාඨ විසින්ම ඇති කරන ලද්දක් විය හැකිය. මේ වන විට රුහුණෙන් පැමිණ සිටි මාණ කුමාරයා ද සිය පියා වූ දප්පුල කුමාරයාට නගරයට පැමිණෙන ලෙස දන්වා තිබූයෙන් ඔහු වහා පැමිණියේය. මාණ කුමරු පියා සමග එක් වී කුමන්ත්‍රණයකින් ද්‍රවිඩයන් බිඳවූහ. දෙපක්‍ෂය අතර ගිවිසුමක් ඇති විය. ඉන් පසු මාණ සිය පියා වූ දප්පුල රජකමට පත් කළේය. මෙය සිදු වූයේ හත්ථදාඨ පැමිණීමට ප්‍රථමයෙනි. මේ තෙම ඒ නමින් පෙනී සිටි දෙවැන්නා විය. සමහර ඉතිහාසඥයින් දක්වන රාජනාම ලේඛනවල මේ රජු පළමුවන දප්පුල ලෙස සඳහන් කර ඇත. මහාචාර්ය පරණ විතාන මහතා ද එසේ දක්වයි. භික්‍ෂූන්ට හා මහජනයාට හොඳින් සංග්‍රහ කර ජනප්‍රසාදය දිනාගත් නමුදු ඔහු උපායශීලී විය. අනාගතයෙහි වියවුලක් ඇතිවන නිමිති දප්පුල දුටුවා විය යුතුයි. රජ ගෙදර තිබූ සාරවස්තුව ඔහු රෝහණයට යවා සුරක්ෂිත කළේය.
 
දප්පුල රජු සිතූ පරිදිම දඹදිව ගොස් සිටි හත්‍ථදාඨ දෙමළ සේනාවක් ගෙන මෙහි පැමිණියේය. මෙහි සිටි දෙමළු ද පෙරමුණට ගොස් ඔහුට එක් විය. දප්පුල රජුට හා මාණ කුමාරයාට යුද්ධයකට මුහුණ දීමට තරම් සුදුසු තත්ත්වයක් නොවූයේ නගරය හැර ගියහ. දප්පුල රජුගේ අනුරාධපුරයෙහි රජකම සතියකින් අවසන් විය. මෙයින් අනතුරුව දෙමළුන්ගේ සහය ලබාගත් හත්ථදාඨ දාඨෝපතිස්ස නමින් රජකමට පත් වූයේය. මෙතෙම ඒ නමින් පෙනී සිටි දෙවැන්නා වූයේය. ලමැණි දලුපතිස් නමින් පූජාවලිය දක්වන්නේ මේ රජු වන අතර ඒ අනුව ලම්භකර්ණවංශිකයෙකු බවද පැහැදිලි වෙයි. මෙතෙම පළමුවන දාඨෝපතිස්ස රජු මෙන් විහාරාරාම විනාශ නොකළේය. තම බෑනා කෙනෙකු වූ අග්ගබෝධි නම් කුමාරයෙකුට යුව රජකම හා දක්ඛිණ දේශය දුන් මේ රජ තමාට උදව් කළ සියලු දෙනාට හොඳින් සංග්‍රහ කළේය. ඔහු බොහෝ විහාරාරාම කරවා පුද පූජා ද කරවූ බව මහාවංසයේ දැක්වේ.
 
දාඨෝපතිස්ස රජු මහාවිහාර සීමාව තුළ තිපුථුල්ල නමින් විහාරයක් කරවීමට ඉදිරිපත් වී මහා විහාරය සමග ගැටුමක් ඇති කර ගත්තේය. ථෙරියනිකායික භික්ෂූන් රජුගේ ක්‍රියාවට විරුද්ධ වුවද බලහත්කාරයෙන් එය කරවීම නිසා භික්ෂූන් වහන්සේලා ඔහුට පත්තනික්කුජ්ජනකර්මය කළහ. එනම් ඔහුගෙන් පිඬු නොපිළිගැනීමයි. මේ වියවුල් සමථයකට පත්වීමට ප්‍රථම රජු රෝගාතුර වී හදිසියේ මරණයට පත් විය. ඔහුගේ රාජ්‍ය කාලය වර්‍ෂ නමයක් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්