තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
149
සාහසමල්ල රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1200 - ක්‍රිව 1202
සාහසමල්ල රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Sahasamalla රාජ්‍ය නාමය : සාහසමල්ල රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1200 - ක්‍රිව 1202

ලීලාවතී රැජිනිය පළමුව සිහසුනට පත් වීමෙන් වර්ෂ තුනකට පසු ඇය නෙරපා රාජ්‍ය බලය අල්ලා ගන්නා ලද්දේ සාහසමල්ල නම් වූ කුමාරයෙකි. ඔහුද කාලිංග වංශයට අයත් වූවකු වන අතර මෙයට කලින් අවස්ථාවක ලක් සිහසුන හෙබ වූ නිශ්ශංක මල්ල රජුගේ භින්නමාතෘක සහෝදරයෙක් ද විය. නිශ්ශංකමල්ල රජුගේ මව පාර්වතී නම් වූවාය. පියා ශ්‍රී ගෝප යැයි කම් කර ඇති අතර සාහසමල්ල රජුගේ පියා ශ්‍රී ගෝප යැයි නම්කර ඇත. මේ දෙදෙනාම එක් අයෙකු බවට හඳුනාගෙන තිබේ. සාහසමල්ල රජුගේ මව ලොකමහාදේවී නම් වූවාය. මේ අනුව පෙනී යන්නේ මේ රජු නිශ්ශංකමල්ල රජුගේ පියාගේ අන්‍ය බිසොවකගේ පුත්‍රයෙකු බවයි.
 
සාහසමල්ල කුමාරයා කාලිංගයේ සිට පැමිණියේ ලංකා සිහසුන භාරගන්නා ලෙසට කරන ලද ආරාධනයක් අනුව බව කියවේ. ඒ සඳහා මූලිකව ක්‍රියා කළේ ලංකාධිකාර ලොලුපැලෑකුළු දුන්තැටි ආබොනා හා ලංකාධිකාර ලොලුපැලෑකුළු බුදල්නා යන ඇමතිවරුන් බව පෙනේ. ඒ ආරාධනා පණිවිඩය මල්ලිකාර්ජුන නම් වූ කාලිංග ප්‍රධානියෙකු අත යවන ලද බව පෙනේ. ආරාධනය ලැබුණු පසු සාහසමල්ල කුමාරයා මේ දිවයිනට පැමිණීමට පෙර සොලී රටේ කහකොඩ නම් පට්ටනමෙහි දෙවර්ෂයක් නැවතී සිටියේය. කහ කොණ්ඩ යනුවෙන් අපේ ලේඛනවල සඳහන් වන්නේ චෝල දේශයේ නාවික නගරයක් වූ කංග කොණ්ඩයයි. දක්ෂිණ භාරතීය ලිපි කීපයක ගංගයි කොණ්ඩ පට්ටන වචනය සඳහන්ව තිබේ. මෙහි ගඟයි යනු නැඟෙනහිර ගංඟා වංශික කාලිංගය සිහිපත් කරයි. මේ ප්‍රදේශය ඇතැම් අවස්ථාවල කාලිංග රජවරුන්ගේ බලයට යටත් වී තිබූ බව පෙනේ. නිශ්ශංකමල්ල රජු මේ ප්‍රදේශයේ බලය පතුරුවා සිටි බව ද පෙනේ. මෙතුමා පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී දකුණු ඉන්දීයාවේ සටන් ජයගත් සෙනෙවියෙක් වූ ලංකාපුර හා ජයගත්විජය රථ ඝාතනය කළ පල්ලවරාය චුලාදිසාර මරා චොඩනවල්වර් සමග සටන් කොට ඔහුද පරදවා ලංකාවට පැමිණියේය. ඉන්පසු සිංහල හමුදාවට ප්‍රසාද ලබා දුන්නේය. මේ අනුව කංගකොණ්ඩයේ මෙවක පැවති සිංහල කාලිංග බලය නිසා සාහසමල්ල කුමාරයාට නැවතී සිටිමට එය සුදුසු බිමක් විය.
 
මේ කාලිංග ගංග සම්බන්ධය නිසා යාපනයේ පිහිටුවන ලද ප්‍රාදේශිය පාලනයේ තිබූ සිංහ නගර නාමය ද දැන් කන්නේසන්තුරය (ගංඟ-නාමයද ඊස - තිත්ථ) එයට සමානව තිබීම වැදගත් වේ. එම ආර්‍ය්‍ය වචනය දෙමළ බසට කන්කසන්තුරේ විය. මෙසේ සොලී පට්ටනමක නැවතී සිටීමට හේතුව වශයෙන් දැක්වෙන්නේ තම තමාගේම ආධිපත්‍යය පතා විපත් ඇති කරන නපුරු මන්ත්‍රීවරුන් දෑවුරුද්දක් යන තුරු සාධා ගැනීමට ඉහතින් කී ඇමතියන් දෙදෙනාට නොහැකි වීමයි. මෙහිදී අපට පැහැදිළි වන්නේ වර්ෂ දෙකක් ගතවනතුරු රටේ සාහසමල්ල කුමරුට පැමිණීමට නොහැකි තරමේ මහා අර්බුදයක් පැවති බවයි. මේ අර්බුදය ලීලාවතී රැජිනියගේ අවසාන රාජ්‍ය වර්ෂ දෙකේ සිට පැවති බව සිතිය හැකිය. එසේ නම් මේ අර්බුදය කාලිංග වංශය හා චන්ද්‍ර සූර්‍ය්‍ය‍ වංශය අතර ඇතිවූ අභ්‍යන්තර වියවුල විය යුතුය. ලීලාවතී රැජිනියගේ සිහසුන් පත්වීම කාලිංග වංශිකයින් නොඉවසූ අතර විරුද්ධවාදීකම් ඇති කරන්නට ඇත. මේ ගැටුම් උස්සන්න වී අවසානයේ රැජිනිය සිහසුනෙන් නෙරපන ලදුව සාහසමල්ල කුමරුට සිහසුන කරා ඒමට මාර්ගය විවෘත කරන ලදි.
 
මේ අවස්ථාව ගැන විවරණයක් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන ලීලාවතී රැජිනියගේ කාලයෙහි දැහැමින් සෙමින් පාලනය කිරීම ගැන සඳහන් වන වාර්තා කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව පවසයි. එහෙත් මුලින් පරිච්ඡේදයක විස්තර කර ඇති පුලියන්කුලම ලිපියෙහි සඳහන් වන තොරතුරු අනුව ඒ මහතාගේ අදහස එකඑල්ලේ අනුමත කළ නොහැකිය. ඉහතින් දැක්වුණු විස්තර සඳහන් වන සාහසමල්ල රජුගේ පොලොන්නරු ලිපියෙහි එන කරුණු අතිශයෝක්තියෙන් ප්‍රකාශ කර ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. මෙහි කියවුණු ඇමතියන් දෙදෙනා ලීලාවතී රැජිනියට විරුද්ධව ක්‍රියා කරමින් රජ්‍ය ලබා ගැනීම සඳහා සාහසමල්ල කුමරුට ආරාධනා කරන්නට ඇත. සාහසමල්ල කුමරුට රාජ්‍යයේ උරුමය ප්‍රකාශ කිරීම සඳහා නිශ්ශංකමල්ල රජු මෙන් මේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නට ඇතැයිද කෙනෙකුට තර්ක කළ හැකිය.
 
ඉහත සඳහන් කරන ලද සෙල්ලිපිය අනුව සාහසමල්ල රජු අභිෂෙකයට පත්වූයේ බුද්ධ වර්ෂ එක්දහස් සත්සිය හතළිස් තුනේ තුන්මස් ගිය තැන උදාවූ බිනර මස පුර දොළොස්වක ලත් බුද දින දීය. රජෙකුගේ රාජ්‍ය පදප් ප්‍රාත්තිය ගැන නිශ්චය ලෙස දැක්වෙන පැරණිතම සටහන මෙය වෙයි. එහෙත් මේ දින නියමය වංශකථාදිය සමඟ එකඟ නොවේ. සාහසමල්ල රජුගේ තවත් සෙල්ලිපියක් මහනුවර දිශාවේ කෙවුල්ගම තිබී හමුවිය. මෙයින් තමාට පක්‍ෂපාතව කටයුතු කර ඇති රාජ සේවකයකුට ගොඩ මඩ ඉඩම් පරිත්‍යාග කිරීමක් ගැන කියවෙයි. ප්‍රසාදය ලැබූ තැනැත්තා වූ ගල්පිටි බුත් පාමුල්ලේ දරුවන් නමින් හැඳින්වෙයි.
 
ඔහු රජුට පක්ෂපාතිව කටයුතු කිරීමට යාම නිසා සතුරන් ගෙන් ආයුධ පහරක් ලත් අයෙකි. ඒ දස්කම නිසාම මේ රාජානුග්‍රහය ඔහුට ලැබුණේය. සමහර විට සාහසමල්ල කුමාරයා ගෙන්වා ගැනීම සඳහා ක්‍රියා කළ කාලයේ සිදු වූ ගැටුමකින් මොහු තුවාල ලැබුවා හෝ සාහසමල්ල රජ වූ පසු ඇති වූ වියවුලකදී එය වූවා හෝ විය හැකිය. කෙසේ වෙතත් මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ සාහසමල්ල රජුටද මෙහි පැවති අභ්‍යන්තර වියවුල අවසන් කිරීමට නොහැකි වූ බවකි. සාහසමල්ල රජු රාජ්‍යය කළේ වර්ෂ දෙකක් පමණ කාලයකි. මේ කාලය තුළ ඔහු විසින් කරවන ලද කටයුතු කිසිවක් වංශකථාවල වාර්තා වී නැත. ඔහුගේ බලය දිවයිනේ සමස්තව පැතිරි තිබුණ ද ඔහුට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙමින් තිබිණි. එබැවින් ඔහුට කිසියම් වැඩ කොටසක් කිරීමට සුදුසු මානසික තත්ත්වයක් හෝ වාතාවරණයක් තිබූ බවක් නොපෙනේ. 
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්