තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
102
හත්ථදාඨ රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 684 - ක්‍රිව 684
හත්ථදාඨ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Haththadata රාජ්‍ය නාමය : හත්ථදාඨ රජතුමා
රාජවංශය : නොදත්
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 684 - ක්‍රිව 684

දන පිටි දත්ත රජුගෙන් පසු හත්ථදාඨ නම් අයකු රජකමට පත් විය. ඔහු හුනන්නරු රියන් දළ නමින් ඇතැම් ග්‍රන්ථවල දැක්වේ. හුනන්නරු යනු මහාවංසයෙහි උණහනාගර යනු වෙන් දැක්වෙන ගමකි. එහි උපන් නාවූ හෙතෙම ඒ නමින් ප්‍රසිද්ධ විය. හත්ථදාඨ රජකමට පත්කරන ලද්දේ ද පොත්‍ථ කුට්ඨ සෙනවියා විසිනි. මේ වන විට දෙමළ සෙන්පතියන් රජුන් තනන්නන් බවට පත්වී සිටි බව පෙනේ.
 
ඉහත සඳහන් රූකඩ රජවරුන්ගේ කාලය තුළ රටේ යහපත් තත්ත්වයක් පැවැත්තේ යයි කිය නොහැකිය. කිසියම් පිංකමක් හැරෙන විට ඔවුන් විසින් කරන ලද විශේෂ කාර්යයක් ගැන සඳහන් වී නැත. සිංහල රාජවංශයෙහි එක්තරා කඩයිමක් මෙහිලා පෙන්නුම් කරයි. ශිලාකාල රජුගෙන් පසු මානවම්ම කුමරුගේ රජවීම දක්වා අතරතුර කාලය රජපෙළපත් අස්ථීරව පැවැති යුගයක් හැටියට සැළකේ. මේ යුගය තුළ රජවරුන් කීප දෙනෙකු ප්‍රබලව සිටියද අරගලවලින් ගහණ විය. ශිලාකාල රජුගෙන් ආරම්භ වූ රජ පෙළපතත් මහානාගගෙන් ආරම්භ වූ රජ පෙළපතත් යන පෙළපත් දෙක අතර රාජ්‍ය උරුමය සඳහා එකිනෙකා පරයා අරගල හට ගත්තේය. මේ නිසා වරක් එක් පෙළපතක් බලයට පත් වූ පසු අන්‍ය පෙළපතේ කුමාරවරුන් විරුද්ධව නැගී සිටීම සිරිත විය. මේ බල අරගල සඳහා කුලී හමුදා සැපයීමේ කොන්ත්‍රාත්තුව කරගෙන යන බලධාරීහු පවා බිහිවූහ. මේ තත්ත්වය මත දිවයිනේ සංවර්ධනයට වඩා සිදු වූයේ මහත් පරිහානියකි. ඔවුන් නිසා මහජනතාවද පීඩනයට පත්විය. රටේ ධනය කොල්ල කෑමට භාජනය විය. රටේ පැවැති අර්ථ ක්‍රමයද විනාශ වී ගියේය. මේ තත්ත්වය අවසන් වී යහපත් කාල පරිච්ඡේදයකට මුල පුරන්නේ මාණවම්ම නම් කුමාරයෙකු සිහසුනට පැමිණීමෙනි. හත්ථදාඨ රජුගේ රාජ්‍ය කාලය මාස හයකි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්