තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
172
පරාක්‍රමබාහු ඈපා රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1410 - ක්‍රිව 1415
පරාක්‍රමබාහු ඈපා රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakramabahu Epa රාජ්‍ය නාමය : පරාක්‍රමබාහු ඈපා රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1410 - ක්‍රිව 1415

චීනයේ  යුං ලෝ අධිරාජයාගේ සෙන්පතියෙක් වන ෂෙන් හර්  ක්‍රි.ව. 1411 දී පැමි‚ ඔහු රජු වීර අලකේශ්වර මහරජු සමග සටනකින් පසුව ඔහුව අල්ලා චීනයට රැගෙන ගිය බව වීර අලකේශ්වර මහරජුගේ පිටුවේ සඳහන් කළෙමු. මෙහි දී මහරජු අල්වා ගත හැකිවූයේ රජුගේ සේනාවලින් ම ලැබුණු ඔත්තුවක් නිසා බව චීන වාර්තාවල දැක්වේ. එසේ එම යුධ රහස් චීන සෙන්පතිට ලබා දුන්නේ පරාක්‍රමබාහු ඈපාණන්ගේ ඔත්තුකරුවෙකු බවට විශ්වාසයක් පවතී. පසුව චීනයේ   අධිරාජයාගේ නියෝජිත රජු ලෙස —යෙහිපා නයිනා˜ නම් තැනැත්තෙකු පත්කළ බව සඳහන් වේ. මොහු වීර අලකේශ්වර අල්ලා දීමට ඔත්තු සැපයූ සෙංකඩගල පරාක්‍රමබාහු ඈපා ලෙස සිතිය හැකි බව ඉතිහාස විද්වතුන්ගේ මතය යි.2-  පසු ව සෙංකඩගල පරාක්‍රමබාහු ඈපා කෝට්ටේ රජු ලෙස පත්විය. යම් ග්‍රන්ථ වල මෙම රජු දෙවන වීරබාහු මහරජුගේ සහෝදරයෙකු ලෙස සඳහන් කර ඇති අතර තවත් ග්‍රන්ථ වල මොහු වීර අලකෙශ්වරගේ පුත්‍රයෙක් බවත් සඳහන් කර ඇත.6-  නමුත් පිළිගත් මතය නම් මොහු හතරවන බුවනෙකබාහු රජුගේ අමාත්‍යවරයෙකු වන සේනාධිලම්කාර සෙනෙවියාගේ මුණුපුරෙකු බවයි. මෙම රජු ක්‍රි.ව. 1215 තෙක් කෝට්ටේ රාජ්‍ය පාලනය කළ අතර ඉන් පසුව කෝට්ටේ රාජධානිය හයවන පරාක්‍රමබාහු මහරජුට නතුවිය.

කතෘ සටහන
මෙම රාජධානි සමයේ රාජ්‍යත්වය හිමිවීමේ විශේෂ වූ කරුණ නම් රජුගෙන් පසුව රජුගේ සහෝදරියගේ පාර්ශවයට රජකම හිමිවීම යි. තම සහෝදර දෙවන වීරබාහු මහරජු මරණයට පත්කර වීර අලකේශ්වර කුමරු රජකම පැහැර ගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය එතෙක් පැවති සම්ප්‍රදායට අනුගත නොවන කරුණකි. එමනිසා උඩරට ප්‍රභූන් මෙය පිළිනොගෙන     සේනාලංකාධිකාරගේ මුණුපුරෙකු වූ කුමාරයෙක් පරාක්‍රමබාහු ලෙස නම්කොට සෙංකඩගල රජකර වූ බව අස්ගිරිය තල්පතේ සඳහන්. 
 
සේනාධිලංකාරගේ දරුවන් දෙදනෙකු පිළිබඳ ව අප පෙර කතා කරනු ලැබුවා. ඒ හතරවන වික්‍රමබාහු මහරජතුමා හා ජයසිරි කුමරිය යි. පෙර සඳහන් කළ පරිදි හතරවන වික්‍රමබාහු  මහරජුගෙන් පසුව වැඩිමල් සහෝදරියගේ (ජයසිරි කුමරිය) පුතු වූ පස්වන බුවනෙකබාහු මහරජුට රාජ්‍යත්වය හිමිවිය. ඔහුගෙන් පසු ව කුමාර අලකේශ්වර කුමරුට රජකම හිමිවීම පිළිබඳ ව පවුල තුළ ම අප්‍රසාදයක් ඇති වූ බව ද පසු ව ඔහු පලවා හැර පස්වන බුවනෙකබාහු මහරජුගේ සහෝදරියගේ ස්වාමියාගේ සහෝදරයා වන වීර අලකේශ්වර රජකම පැහැර ගත් බව සඳහන් වෙයි. නමුත් එපරිද්දෙන් රජකමට හිමිකම තිබූ සහෝදරියගේ ස්වාමියා වූ වීරබාහු කුමරු තම සහෝදර අලකේශ්වර කුමරු පලවා හැර රජකම ලබාගන්න ලදී.  නැවතත් සේනාවක් සමග ඉන්දියාවේ සිට පැමි‚ වීර අලකේශ්වර, දෙවන වීරබාහු මහරජු මරණයට පත්කොට රජකම පහර ගන්නා ලදී. (ක්‍රි.ව. 1396 න් නොබෝකලකට පසු ව වීරබාහු මහරජු, වීර අලකේශ්වර අල්ලා ගැනීමට කෝට්ටේට ගිය බව ද  ක්‍රි.ව. 1396 දී මහරජු මියගිය බවත් ඉන්පසු ව වීර අලකේශ්වර නැවත රජවනතුරු වීරබාහු මහරජුගේ පුතුන් වන විජය ඈපා සහ තුනසේයා පාලනය කළ බවත් සී.ඩබ්. නිකලස් හා සෙනරත් පරණවිතාන මහතා 1961 ප්‍රකාශයට පත්කළ ර්‍ණA ක‍දබජසිැ ්‍යසිඑදරහ දෙ ක‍ැහකදබ” ග්‍රන්ථයේ සඳහන්ව ඇත.) මෙය සම්ප්‍රදායට විරුද්ධ බැවින් උඩරට ප්‍රභූවරු මෙයට අනුගත නොවන්නට ඇතැයි සිතීමට පුළුවන. එබැවින් සේනාධිලංකාරයන්ගේ දිය‚යගේ පුත්‍රයා හෙවත් හතරවන වික්‍රමබාහු මහරජුගෙ සහෝදරියගේ පුතු සෙංකඩගල පරාක්‍රමබාහු ලෙස රජකම පත්කරගන්නා ලදී. රජුගෙන් පසුව සහෝදරියගේ පාර්ශවයට රජකම හිමිවීම මත ඔහු           සේනාධිලම්කාරයන්ගේ දිය‚යකගේ පුතකු ලෙස උපකල්පනය කළ හැක. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්