තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
33
අනුලා රැජින
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 43 - ක්‍රිපූ 42
අනුලා රැජිනගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
Queen Anula රාජ්‍ය නාමය : අනුලා රැජින
රාජවංශය : නොදත්
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 43 - ක්‍රිපූ 42

 
තමාට රුචි වූවන් සිහසුනට පත් කළ අනුලා ඔවුන් මරවා තමාට රිසි සේ කටයුතු කරනු කැමැති වූවා ය. මේ අන්දමට වටුක නම් දෙමළකු කෙරෙහි බැඳී සිවට වස දුන් අනුලා ඔහු රජකමට පත්කළා ය. වටුක නගරයෙහි දෙමළ වඩුවකු ලෙස මහාවංසය දක්වන අතර දීපවංසය දක්වන්නේ අන්‍ය දේශිකයකු වශයෙනි. පිළිවෙළින් රජකම දී දාරුභතික තිස්ස හා පුරෝහිත නිලිය ද වස දෙමින් මරණයට පත් කළා ය. පසුව ඇය ම සිහසුන භාරගත්තා ය.
 
වටුක එක් අවුරුදු දෙමසක් ද, දාරුගතිකතිස්ස එක් අවුරුදු මිසක් ද, නිලිය මාස හයක් ද රජකම් කළහ. මේ ලේඛනයට වාසුඛී නම් තැනැත්තෙක් ද පූජාවලි ආදී ග්‍රන්ථ වලට ඇතුළත් වී සිටී. මොවුන් රජකරන ලද කාලය වසර තුනකුත් මාස එකොළොසකි. මෙයින් දාරුභතික තිස්ස මහමෙවුනා උයනේ පොකුණක් කළ බවත්, එය ඉතා ඉක්මණින් කර වූ බවත් වංසකථාවේ දැක්වේ. පංචම්බ මළුව අසල මෙය කරවී යැ යි, මහාවංසටීකාව දක්වයි. සමහර විට තමාගේ නම් පවතින මේ කාර්යය ඉක්මනින් කරවන්නට ඇත්තේ තමාට පෙර සිටි අනුලා ගේ වල්ලභයන්ට සිදු වූ දෙය තමාට ද සිදුවිය හැකි බවට දාරුභතික තිස්සට ඉව වැටීමක් නිසා වීමට පුළුවන. අනුලාගේ සෙසු වල්ලභයන් මරණ තුනක් දකිමින් පැණි කෑ මිනිසා සේ අනුලාගේ අදහස් සපුරමින් සිටි බව මිස වෙනත් වැදගත් කාර්‍ය්‍යයන් කළ බවක් වාර්තා වී නැත.
 
මේ පුද්ගලයන් පිළිබඳව කියැවෙන කරුණු අනුව ඔවුන් රාජමන්දිරය තුළ වැදගතුන් ආශ්‍රයේ සිටිය අය බවට සැක නැත. දාරුභතිකතිස්ස දරබැලයෙකු ලෙස ද, වටුක වඩුබාස් කෙනෙකු ලෙස ද දක්වා ඇතත් ඔවුන් එබඳු මට්ටමේ උදවිය නොවිය හැකි ය. රිටිගල සෙල්ලිපියක දරබතික නම් තෙර නමක් ගැන සඳහන් වේ. මෙය පුද්ගල නාමයක් විය යුතු ය. රජ මැඳුරක මෙබඳු පුද්ගලයින් සම්බන්ධව ආශ්‍රයක් පැහැදිලි නොවේ. මෙහි සමහර අය බලක්ථ ලෙස දක්වේ. සමහරකු ජෙට්ඨදොවාරික ලෙස ද දැක්වේ. ජෙට්ඨදොවාරික යනු වැදගත් තනතුරකි. එය රජ මැඳුරට ම සම්බන්ධ වූවකි. මෙය සෙල්ලිපිවල දක්නට ලැබෙන්නේ මහදොරතන යනුවෙනි. මේ අනුව අපට පැහැදිලි වන්නේ අනුලාගේ වල්ලභයන් රජ මැඳුරේ වැදගත් තනතුරු දරමින් නිතර එහි ගැවසුණු උදවිය බවයි.
 
දෙතිස් බලවතුන් සමග ම කාලය ගත කිරීමට කල්පනා කළ ඇය නිලිය මරා දමා තමා ම රජකම භාර ගත්තා ය. එහෙත් අනුලා
සොවට සිය අදහස් මුදුන්පත් කර ගැනීමට ලැබුනේ මාස හතරක පමණ කාලයකි. ලක්දිව මෙහෙණි සස්න ඇති කිරීමට පුරෝගාමීව කටයුතු කරන ලද මහානාග යුවරජුගේ දේවිය වූ අනුලා දේවියගෙන් පූජනීයත්වයට පත් වී තිබූ මේ නාමය චෝරනාගගේ බිසොව වූ අනුලාගෙන් කෙලෙසීමට පත් විය.
 
ඇයගේ අප්‍රිය ජනක දූෂිත ජීවිතය කෙරහි රටවැසියා කළකිරීමට පත්වන්නට ඇත. එසේ වුව ද ඇය ලංකා ඉතිහාසයේ කීප දිනකට වුවත් සිහසුන ලබාගත් පළමු වන කාන්තාව ද වූවාය. කෙසේ වුව ද ඇයගේ අප්‍රසන්න චරිතය හේතුවෙන් පෞරාණිකයෝ ඇය රැජිනක ලෙස දැකීමට පවා අකැමැති වූහ. " අනුලා නම් ස්ත්‍රිය" යැයි ඇය ගැන දක්වා ඇත්තේ මේ නිසා විය යුතුය.
 
රජ මැඳුරක අභ්‍යන්තරයේ සිදුවන කටයුතු පිළිබඳව මහජනයා එතරම් තැකීමක් කළ බවක් නොපෙනේ. බොහෝ විට අභ්‍යන්තරයෙහි සිදුවන වෙනස්කම් පිළිබඳව කැරැල්ලක් වැනි මහජන බලවේග ඇති වූ බවක් ද වංසකථා වලින් පැහැදිලි නොවේ. වසර හතරකට ආසන්න කාලයක් තුළ සිදු වූ මේ වස දීමේ පිළිවෙත නිසා රට තුළ ඇති වූ විශේෂ වෙනස්කමක් ගැන ද මූලාශ්‍රයක වාර්තා වී නැත. වලගම්බා රජුගෙන් පසු රජ වූ මහසිළු මහතිස් රජුගේ අවසාන රාජ්‍ය වර්ෂ කිහිපය තුළ ආරම්භ රජ පවුලේ අභ්‍යන්තර වියවුල් නිමාවකට පත් වී නැවත රටේ අඩසියවසක පමණ දීර්ඝකාලීන සාමකාමි යුගයක් අනුලා බිසොවගේ මරණයෙන් පසු ආරම්භ වෙයි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්