තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
132
වික්‍රම පණ්ඩු රජතුමා
රුහුණු රාජධානිය
ක්‍රිව 1042 - ක්‍රිව 1043
වික්‍රම පණ්ඩු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wickrama Pandu රාජ්‍ය නාමය : වික්‍රම පණ්ඩු රජතුමා
රාජවංශය : පාන්ඩ්‍ය
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1042 - ක්‍රිව 1043

පොළොන්නරුව සොළීන් යටතට පත්වී රටේ ස්වාධීනත්‍වය උදෙසා රෝහණ වාසීන් විමුක්ති අරගලයට පෙළ ගැසීගෙන එන කාලයෙහි වික්‍රමපාණඩ්‍ය නම් කුමාරයෙක් දුලූදුපතට ගොස් රැකවරණය ලැබ සිටියේය. ඔහු කාගේ කවරෙකුදැයි පැහැදිළි නැතත් මුලින් දුටු මහලානකිත්ති රජුගේ පුතෙකැයි විශ්වාස කෙරේ. මේ යුගයේ සොළීන්ගේ ප්‍රහාර වරින් වර රෝහණ දේශයට එල්ල වූ බැවින්ද මෙහි රාජකුමාරවරුන්ගේ ආරක්‍ෂාව සහතික නොවූ බැවින්ද, ඔවුහු වෙන වෙන දේශවලට සැඟවී යන්නට ඇත. වික්‍රමපාණඩ්‍ය කුමරු ද එබඳු අයෙක් විය යුතුය. ඔහු මුලින් සඳහන් කළ අන්දමට මහලානකීර්ති රජුගේ පුත්‍රයෙකු නම්, සිය පියා තම පුත්‍රයා ආරක්‍ෂාව පිණිස විදේශයකට යැව්වා විය යුතුය. කෙසේ නමුත් දිවයිනෙහි තත්ත්වය ඔහුට දැනගන්නට ලැබිණි. එබැවින් හෙතෙම මෙහි පැමිණ රාජ්‍යයට පත් වූයේය.
 
වික්‍රමපාණඩ්‍ය රජුගේ මධ්‍යස්ථානය වූයේ කාලතිත්‍ථ නම් පෙදෙසයි. මේ ගැන මතභේද තිබේ. සමහරුන් එය කළුතර යැයි සලකන අතර සමහරු කල්තොට හැටියටද ගනිති. ඔහුට රෝහණය පාලනය කළහැකි වූයේ වර්‍ෂයක් පමණ කාලයකි. ජගත්පාල නම් කුමාරයෙක් ඔහු මරණයට පත් කළේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්