තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
30
වටුක
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 45 - ක්‍රිපූ 44
වටුකගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vatuka රාජ්‍ය නාමය : වටුක
රාජවංශය : නොදත්
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 45 - ක්‍රිපූ 44

වටුක යනු ක්‍රි.පූ. 1 වන සියවසේ අනුරාධපුරයේ රජකම් කළ රජෙකි. ඔහුද ක්‍රි.පූ. 47 වසරේදී පාලනය කළ බව සඳහන් වේ. ඔහු සිව I රජුගේ පසු අනුරාධපුරයේ රජකමට පත්වූ අතර, ඔහුට පසු දාරුභතික තිස්ස රජතුමා පත් විය.

අනුලා බිසව වළගම්බා මහරජුගේ පුත් චෝරනාග මහරජතුමාගේ බිසව ලෙස අභිෂේක ලැබුවා ය. විෂමාචාර ගති ඇති ඇය, වස දී චෝරනාග මහරජු මරා දමන ලදී.

පසුව රාජ්‍යත්වයට පත් වූ තිස්ස මහරජතුමා (කුඩා තිස්ස මහරජතුමා) ද එලෙසම වස දී මරා, තම සිත් ගිය සිව නම් දොරටුපාලයාට රජකම ලබා දෙන ලදී. ඉන්පසු සිව මරා වටුකද, ඔහු මරා දාරුභතිකද, පසුව ඔහු මරා නිලීය නම් පුරෝහිත බමුණාද රාජ්‍යත්වයට පත් කරන ලදී. පසුව ඔහුද මරා, අනුලා රැජිණ විසින්ම රාජ්‍ය පාලනය ගෙන ගියාය.

පූජාවලියට අනුව, අනුලා රැජිණ කුඩාතිස්ස මහරජතුමාගෙන් පසු තම ස්වාමීන් ලෙස රජකම ලබාදුන් පිරිස මෙසේය: බලත් සිටුවා, වටුක, පරෙවි, වාසුඛී සහ බැලතිස්. මේ කාලයේ රට මහත් ව්‍යාකුල තත්ත්වයකට පත්වූ අතර රාජ්‍ය බලය අනුරාධපුරයට පමණක් සීමා විය.

පසුව මහසිළු මහාතිස්ස මහරජුගේ දෙවන පුත් කූටකණ්ණ තිස්ස කුමරා රාජ්‍යත්වයට පත්විය. ලිඛිත ලංකා ඉතිහාසයේ පළමු රැජිණගේ පාලනය මෙසේ නිමාවට පත්විය. ඇය සිංහල රාජවංශයේ පළමු රැජිණ ලෙස ඉතිහාසයට එක්විය.

ඉසුර වික්‍රමාරච්චි, මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්