තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
135
ඇමති ලෝකේශ්වර
රුහුණු රාජධානිය
ක්‍රිව 1048 - ක්‍රිව 1054
ඇමති ලෝකේශ්වරගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Lokissara රාජ්‍ය නාමය : ඇමති ලෝකේශ්වර
රාජවංශය : නොදත්
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1048 - ක්‍රිව 1054

පරාක්‍රම රජු සොළීන් විසින් මරණයට පත් කරන ලද පසු පාලනය භාරගන්නා ලද්දේ ලෝක නම් සෙනෙවියෙකි. සිංහල ග්‍රන්ථවල ඔහු සඳහන් වන්නේ ලෝකේශ්වර නමිනි. ඔහුද කාගේ කවරෙක්ද යනු දැනගැනීමට කිසි තොරතුරක් ලේඛනවල සඳහන් වී නැත. මකඛකුළෑස වාසියෙකු බවත් සෙනෙවිනායකයෙකු බවත් චාරිත්‍රවිධියෙහි දක්‍ෂයකු බවත් මහාවංසය දක්වයි.
 
ලෝකේශවර සෙනෙවියා සොලීන් මර්දනය කර කතරගම සිට රට පාලනය කළ බව විස්තර වේ. ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂ හයකට සීමා වූ බව කියැවේ. වික්‍රමබාහු රජුගෙන් පසු මේ කාලය තුළ රෝහණය පාලනය කළ රජවරුන් අතුරින් ලෝකේශවර සෙනෙවියා වැඩි කලක් ජීවත් විය. මෙයින් පෙනී යන්නේ ඔහු මහජන ප්‍රසාදය එක්තරා ප්‍රමාණයකට දිනාගෙන ක්‍රියා කළ බවය. මහා විජයබාහු පුවතට සම්බන්ධ වන බුද්ධරාජ සෙනෙවියා ලෝකේශවරට විරුද්ධව සිටියකු බව ද පෙනේ. කීර්ති කුමාරයා ගැන තොරතුරු එළිදරව් වන විට ඔහු කෙරෙහි විශ්වාසය තැබූ ජනනායකයන් අනෙකුත් නීත්‍යානුකූල රාජ උරුමයක් නැති රෝහණ පාලකයන් අත්හැර කීර්ති කුමාරයා වටා එක්වීමක් සිදුවෙමින් පැවති බව මෙයින් අනාවරණය වෙයි.
 
මේ නිසා ලෝකේශවර කීර්ති කුමාරයාට එරෙහිව සටනට එළඹීයේය. බෝධිවාල (බොවල) චුණ්ණසාල (හුණුවල) රේමුණසේල (රෙමුණගල) යන තැන්වල දෙපිරිස අතර සටන් විය. මේ හැම තැන දීම ලෝකේශවර පරාජයට පත්විය. මෙයින් පසු යුද්ධ කිරීමේ ආශාව අත්හැර දැමූ ලෝකේශවර හයවන රාජ්‍ය වර්‍ෂයේදී මිය ගියේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්