තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
178
9 වන ධර්ම පරාක්‍රමබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1508 - ක්‍රිව 1513
9 වන ධර්ම පරාක්‍රමබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Darma Parakramabahu IX රාජ්‍ය නාමය : 9 වන ධර්ම පරාක්‍රමබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1508 - ක්‍රිව 1513

අටවන වීර පරාක්‍රමබාහු මහරජුගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතු පරාක්‍රමබාහු කුමාරයා ධර්ම පරාක්‍රමබාහු රජු ලෙස රජ වූ බව රාජාවලියේ සඳහන් වෙයි. මොහු නවවන ධර්ම පරාක්‍රමබාහු මහරජු ලෙස හැඳින්වේ. නමුත් මේ වන විට සොයාගෙන ඇති කරුණු අනුව මොහු අභිෂේක නොලත් රජ කෙනෙකු ලෙස ඉතිහාසය පිලිබඳ විද්වත්හු හඳුන්වාදෙති. මෙම මහරජු පිහිට වූවා යැයි මෑතක් වනතුරු සැලකූ කැළ‚ විහාරයේ සෙල්ලිපිය අටවන වීර පරාක්‍රමබාහු මහරජුගේ බවට මේ වනවිට සොයාගෙන ඇත. ඒ අනුව මෙම රජු විසින් පිහිට වූවා යැයි සැලකිය හැකි කිසිදු සෙල්ලිපියක් මේ වනතුරු සොයාගෙන නැත. රාජාවලිය හා අනෙකුත් පෘතුග්‍රීසි          පොත්පත්වල සඳහන් ආකාරයට මින් පසුව රජවූයේ ඔහුගේ බාල සහෝදරයා වූ විජයබාහු කුමරු ය. නමුත් මහාවංසය හා අනෙකුත් බොහෝ මූලාශ්‍ර අටවන වීර පරාක්‍රමබාහු මහරජුගෙන් පසුව රජ වූයේ විජයබාහු කුමරු බව සඳහන් කරයි. හයවන විජයබාහු මහරජුගේ ලෙස හඳුනාගත හැකි සෙල්ලිපි බොහෝ ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ වලින් හමු වී ඇති අතර එයින් එම රජු, අටවන වීර පරාක්‍රමබාහු මහරජුගෙන් පසු ව ක්‍රි.ව. 1521 දක්වා ම රාජ්‍ය විචාළ බවට නිගමනය කළ හැකි ය. ධර්ම පරාක්‍රමබාහු මහරජු කොළඹ ආශ්‍රිත ප්‍රදේශය පාලනය කල බැවින් පෘතුග්‍රීසීන් ඔහු අභිෂේක රජ කෙනෙකු ලෙස වරදවා වටහා ගෙන ඇති බව පෙනී යයි. මහාවංසයට ඇතුළත් නොවී මෙම රජු, රාජාවලිය හා පෘතුග්‍රීසි සඳහන් කර ඇත්තේ මේ නිසා බැව් නිගමනය කළ හැකි ය. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්