තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
130
කීර්ති සෙනවි
රුහුණු රාජධානිය
ක්‍රිව 1040 - ක්‍රිව 1040
කීර්ති සෙනවිගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King General Keerthi රාජ්‍ය නාමය : කීර්ති සෙනවි
රාජවංශය : නොදත්
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1040 - ක්‍රිව 1040

කාශ්‍යප හෙවත් වික්‍රමබාහු රජුගේ මරණයෙන් පසු කිත්ති නම් සෙන්පතියා රජකමට කැමති විය. මේ තෙමේ මීට පෙර සඳහන් කරන ලද මුකුහමුවැසි කිත්ති සෙනෙවියාම බවට සැලකිය හැකිය. සමහරු එසේ සලකති. එහෙත් එයට සාධක නැත. එනිසා ඔහු අන්‍යයකු වීමට ද පුළුවන. කිත්ති රජුට රජකම් කරන්නට ලැබුණේ දින අටක් තරම් කාලයකි. ඔහු මරා මහලාන කිත්ති නම් වෙනත් තැනැත්තෙක් රජ විය.
 
ලංකා විශ්වවිද්‍යාලය විසින් සකස් කරන ලද ලංකා ඉතිහාසය ග්‍රන්ථයෙහි හයවන කාශ්‍යප හෙවත් වික්‍රමබාහු රජුගේ අකල් මරණයෙන් පසු මහලානකිත්ති රජකමට පත් වූ බව දක්වා තිබේ. අට දිනක් රජකම් කළ කිත්ති රජු අත්හැර ඇත. සමහරවිට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේ දෙදෙනාම එක් අයකු හැටියට සැලකුවා විය හැකිය. මේ කාලයේ කිත්ති නමින් කීප දෙනෙක් ම සිටියහ. එහෙත් මහාවංසයෙහි මේ දෙදෙනා ගැනම සඳහන් කර තිබේ. පූජාවලිය, නිකාය සංග්‍රහය, රාජාවලිය, රාජරත්නාකරය ආදී ග්‍රන්ථ කිසිවකද කිත්ති නමින් රජකු දක්වා නැත. මෙය මේ ලේඛකයන්ගේ ප්‍රමාදයක් විය හැකිය. කෙසේ වෙතත් මේ රජු රජකළේ දින අටක් නමුත් රෝහණයේ කොටසක හෝ බලය තහවුරු කර ගන්නට උත්සාහ කරන්නට ඇත.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්