තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
145
1 වන වීරබාහු රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1196 - ක්‍රිව 1196
1 වන වීරබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Weerabahu I රාජ්‍ය නාමය : 1 වන වීරබාහු රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1196 - ක්‍රිව 1196

නිශ්ශංකමල්ල රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ පුත්‍රයා වූ වීරබාහු කුමාරයාය. රජය හිමි කුමාරයා වශයෙන් ඔහු පිය රජුගෙන් පසු මාපා (මහාධිපාද) පදවිය ලබා සිටියේය. මේ තෙමේ ද කාලිංග වංශිකයකු වූ බවට පැහැදිළිය. අවාසනාවකට මෙන් රජකමට පත් වී දෙවන දින ඔහු මරණයට ගොදුරුවිය. මේ මරණය කෙසේ සිදු වී ද යන්න මහාවංසයෙහි පැහැදිළි කර නැත. එහෙත් පූජාවලිය එය නිවැරදිව දක්වා තිබේ. තාවුරු සෙනෙවි රත් නම් සෙනෙවියෙකු විසින් වීරබාහු කුමරු මරණයට පත් කරන ලද බවත් එයට හේතුව වශයෙන් ඔහු රජුගේ අතිජාත පුත්‍රයෙකු නොවන බවත් පූජාවලියේ විස්තර කර ඇත. එහෙත් රජුගේ සෙල්ලිපි ගණනාවකින්ම පැහැදිළි කරනුයේ වීරබාහු කුමරු රජුගේ අතිජාත පුත්‍රයෙකු බවය. එසේම ඔටුන්න හිමි කුමාරයා ද වන බවයි. ඉහත සඳහන් සිද්ධියට සම්බන්ධ සෙනෙවියා වූ තාවුරු සෙනෙවිරත් යනු නිශ්ශංකමල්ල රජුගේ අග්‍ර සේනාධිපති වූ ලක් විජය සිඟු සෙනෙවි තාවුරුනා ම බවට කල්පනා කළ හැකිය. මේ සිද්ධියෙන් පෙනී යන්නේ ක්‍රමයෙන් බලවත් වන රාජ්‍ය නිලධාරීන් රාජත්වය හැසිරවීමට පවා පෙළඹී ඇති ආකාරයයි. මෙය ඉදිරියේ දී තමන් කැමති අයකු රජකමට පත් කිරීමේ බලය දක්වා වැඩී ගිය අන්දම පැහැදිළි වෙයි. කෙසේ වෙතත් වීරබාහු රජු මරණයට කිරීමේ සිද්ධිය අතිශයින් භයානක වූත් උණුසුම් වූත් දේශපාලන වාතාවරණයක ලකුණු පහළ කිරීමකැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි. 
 
වීරබාහු රජතුමාගේ රාජ්‍යකාලය එක් රැයක් පමණක් විය.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්