තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
38
කණීරජානුතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 31 - ක්‍රිව 34
කණීරජානුතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kanirajanu Tissa රාජ්‍ය නාමය : කණීරජානුතිස්ස රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 31 - ක්‍රිව 34

බොහෝ දැහැමි ලෙස රාජ්‍යය විචාළ ආමණ්ඩගාමිණී අභය රජු මරණයට පත් කළ ඔහුගේ බාල සහෝදරයා වූ කණීරජානුතිස්ස කුමාරයා රජකමට පත් විය. කණීරජානුතිස්ස නිසා මෙතෙක් පැවති සාමය බිඳ වැටී රටේ නැවතත් අවුල් වියවුල්වලින් පිරි ගිය කාල පරිච්ඡේදයක් ආරම්භ වෙයි. ඉහතින් සඳහන් කරන ලද ධාර්මික රජවරුන්ගේ කාලවල සංඝයාට බොහෝ සෙයින් ගරු සැලකිලි, ලාභ සත්කාර ඇති විය. මේ නිසා සැදැහැයක් නැති ලාභයට ගිජු වූ පාපී පුද්ගලයන් සඟ සසුනට පිවිස නෙයෙක් ශාසන විලෝපන කටයුතුවල යෙදුණු බව පෙනේ. මෙය ධර්මාශෝක අධිරාජයාගේ කාලයේ දී සංඝයාට ලැබුණු ලාභ සත්කාර ගැන ගිජු වූ නිගණ්ඨයන් සසුන් කෙතට වැදුනා සේ විය. සෑගිරියේ විසූ මෙබඳු දුසිල් පැවිදි වෙසින් සිටි සැට දෙනෙක් රජු විසින් එහි විසඳන ලද ආරවුලක් පිළිබඳ තීන්දුවට එරෙහිව රජු මැරීමට කුමන්ත්‍රණය කළහ. මෙය දැනගත් කණීරජානුතිස්ස රජ තෙමේ ආයුධ සහිතව ඔවුන් අල්ලා මිහින්තලයේ කණිර නම් වූ ප්‍රපාතයෙහි හෙළවාපී ය. මේ අන්දමට මේ රජු විසින් කරන ලද සහෝදරයා මැරීම හෝ රජුට විරුද්ධව කෙරුණු කුමන්ත්‍රණයක් හෝ ඔවුන්ට දුන් දඬුවම් හෝ කිසිවක් ගැන දීපවංසය සඳහන් නොකරයි.
 
කණීරජානුතිස්ස රජු කෲර රජකු ලෙස රාජාවලිය ද, අධර්මයෙන් රජ කර අපාගත වූ ලෙස පූජාවලිය ද සඳහන් කරයි. සිය සහෝදරයා රාජ්‍ය ලෝභය නිසා මැරවීමෙන් ම ඔහුගේ අධාර්මික බව පැහැදිලි ය. පූජනීය භූමියක් වධකාගාරයක් බවට පත් කිරීම ද ඔහු අතින් සිදුවිය. මේ රජු මහසිළුමහතිස් රජුගෙන් පසු රජ පැමිණ චොරනාග වැනි පුද්ගලයෙක් විය. කණීරජානු යන විශේෂණ පදයේ අර්ථය ද පැහැදිලි නැත. කණීර පබ්භාරයෙහි දුසිල් භික්‍ෂූන් හෙලන ලද නිසා මේ නම ජනතාව විසින් අප්‍රසාදය පළ කිරීම පිණිස ප්‍රබන්ධ කරන ලදැ යි සමහරු සලකති. එහෙත් ජානු කොටස එක්වූයේ මන්දැ යි පැහැදිලි නැත. කිණිහිරක් වැනි දණහිසක් වූයෙන් මේ නම විනැයි ද මතයකි. ඔහු රජකම් කළේ නගරය තුළ බව මහාවංසය විශේෂයෙන් කියයි. රට තුළ ඔහුට ප්‍රසාදයක් නොතිබුණු බවට එය සාධකයකි. ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂ තුනකි. නාමමාත්‍ර රජකු වශයෙන් ගෙවී ගිය වර්ෂ තුන තුළ ඔහුගෙන් සිදු වූ සේවයක් ගැන ද වාර්තා වී නැත.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්