151
ධර්මාශෝක රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1208 - ක්‍රිව 1209

ධර්මාශෝක රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : ධර්මාශෝක රජතුමා
රාජවංශය : නොදත්
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1208 - ක්‍රිව 1209
කල්‍යාණවතී රැජිනට සිහසුන අහිමිවූයේ කෙසේද යන ප්‍රකාශනයට පිළිතුරක් නොසපයාම ධර්මාශෝක නම් කුමාරයෙකු රජකමට පත්කළ බවත් මහාවංසය කියයි. එහෙත් සෙල්ලිපිවලින් පෙනී යන්නේ ඇය දෙමළ වියවුලක් නිසා පලාගිය බවයි. වියවුල නොවීය හැකි යන වචනයෙන් අදහස් කරන්නේ එය ආක්‍රමණයක් බවකි. සිහසුනට පත් ධර්මාශෝක තුන්මාසයක බිළිදෙකි. මේ සඳහා මැදිහත් වූයේ රැජින සිහසුනට පත්කළ ආයස්මන්ත චමුපතියා මය. මෙහිදී පැනනගින ප්‍රශ්නය නම් ඔහු විසින්ම සිහසුනට පත්කළ රැජින සිටියදී තවත් අයෙකු එහි යෙදවීමට ක්‍රියා කළේ මන්ද යන්නය. සෙනෙවියා විසින් ඇය නෙරපන ලද බවට කිසිදු සාධකයක් දක්නට නැත. ඇයට විරුද්ධව ඇති වූ දෙමළ වියවුල දැක්වේ. කල්‍යාණවතී රජින සිහසුනින් පහ කිරීමට ද්‍රවිඩ ආක්‍රමණය නිසා කදිම අවස්ථාවක් අයස්මන්තට ලැබෙන්නට ඇතැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන කියයි. එහෙත් එසේ කිරීමට
ගැන සෙල්ලිපිවල හේතුවක් සෙනවියාට තිබූ බවක් ද කිසිදු ලේඛනයක දක්නට නොලැබේ. ඉහතින් දැක්වූ දෙමළ වියවුලත් අනිකංග කුමරුගේ ආක්‍රමණයත් එකක් නම් ආයස්මන්ත සෙනෙවියා අනිකංගට උදවු නොකර ධර්මාශෝක බිළිඳා අභිෂේක කළේ ඇයිද යනුත් ප්‍රශ්නයකි. මේ කුමාරයා කවරෙකුගේද, ඔහුට තිබූ රාජ්‍ය උරුමය කුමක්ද යන්න පිළිබඳව වංස කථා කිසිවක සඳහන් වී නැත. පූජාවලිය දක්වන හැටියට මේ බිළිඳු කුමාරයා අනීකංග කුමරුගේ පුත්‍රයෙකි. ධර්මාශෝක බිළිඳු රජු රාජ්‍යය කළ කාලවකවානුව මහාවංසයෙහි වර්ෂයක් ලෙස දැක්වෙයි. එහෙත් මිණිපේ ලිපිය කල්‍යාණවතී රැජිනගේ රාජ්‍යයෙහි අටවන වර්ෂ දක්වන බැවින් ඇය දෙමළ වියවුලින් පලාගිය පසු අනීකංග කුමරු ඔවුන් මරා රජ වනතුරු දෙවර්ෂයක් පමණ කාලයක අතරක් පෙනේ. ඒ කාලය ධර්මාශෝක බිළිඳු රජුගේ රාජ්‍ය සමය විය හැකිය. ඔහුගේ කාලයට අයත් සෙල්ලිපි නැතද තඹ හා ලෝහ කාශි රැසක් ලැබී තිබේ. එම කාශිවල ශ්‍රී ධර්මාශෝක දෙවඃ යන වචනය යෙදී තිබේ. එයින් මේ රජුගේ ඓතිහාසිකත්වය මෙන්ම කලක් රජය විචාල බවද සනාථ වෙයි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි