11
සූරතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 247 - ක්‍රිපූ 237

සූරතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : සූරතිස්ස රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 247 - ක්‍රිපූ 237
මහාසිව රජුගෙන් පසු ඔහුගේ සහෝදරයා වූ සුරතිස්ස කුමරු රජකමට පත්විය. රජකමට පත්විය. ඔහු රජවීමට මුලින් සුවණ්ණපිණ්ඩතිස්ස නම් වූ බව කියවෙයි. රජ වූ පසු සුර කොටස එක් වී සුවණ්ණපිණ්ඩ කොටස අතහැරි ගියේය. මෙහි සූර යනු සමහරු ශූර අර්ථයේ ද ගන්නා අතර සමහරු එය දෙව අර්ථයෙන් ගෙන, එහි දෙවානම්පිය අර්ථයක් ඇතැයි දකිති. මෙය සූර ද සුර ද යනු පැහැදිලි නැත. දෙවානම්පිය විරුදය එය මුලින් ම ලත් තිස්ස රජුට පමණක් සීමාකර වංසකථාවල දැවෙතත් සෙල්ලිපි අනුව රජවරුන් බෙහෝ දෙනෙකු එය භාවිත කර ඇති බව පෙනෙන බැවින් සුර යනු එම අථයේ ගැනීම නිවැරදි විය හැකිය. එහෙත් එහි දෙවානම්පිය විරුදයේ ඇති අථය සම්පූරර්ණ වී නැත.
දිඹුලාගල ලෙ න්ලිපියක අයශුරතිශ නම් කුමාරයකු ගැන සඳහන් වේ. ඔහුගේ දේවිය වූ අබිඋපලා ගැන ද එහි ම දැක්වෙයි. සමහර විට දෙවානම්පියතිස්ස රජුගේ කාලයේ සිට නැගෙනහිරි පෙදෙස රජ පවුලේ අයකුගේ පාලනය යටතේ පැවති බව පෙනෙන හෙයින් සූරතිස්ස කුමරු මහාසිව රජුගේ අවසානය දක්වා නැගෙනහිරි පෙදෙස පාලනය කරමින් සිටියා විය යුතු ය. මේ සටහන එවක දිඹුලාගල ලෙණක් පිදීමේ දී තැබුවා යැ යි ද සැලකිය හැකි ය.
සූරතිස්ස රජු රජ වීමට පෙර හා පසුව ගඟෙන් එගොඩ මෙගොඩ විහාර පන්සීයක් කරවන ලද බව සඳහන් වේ. වංසකථාව එයින් අටක් නම් කර පෙන්වයි. මේ ස්ථාන සමහරක් තවම නිසැක ලෙස හඳුනාගන නැත. දක්ඛිණ දිශාවෙහි කරන ලද නගරංගන විහාරය, පමණක් වතමාන අඹන්පොල අසල පිහිටි අස්සැද්දුම ඇති සෙල්ලිපියක් අනුව හඳුනාගෙන තිබේ. වංගුත්තර පවතය හෙවත් ඒකද්වාරිකපර්වතය පාමුල පාචීනපබ්බත විහාරය, නැගෙනහිර රහගල්ල සමිපයේ අච්ඡගිරි විහාරය ආදිය ද සූරතිස්ස රජු කරවන ලද අන්‍ය විහාර අතරට අයත් වේ. ඔහු සැටවසක් ජීවත් වූ බව මහාවංසය දක්වයි. මේ වර්ෂ දක්වීම විමර්ෂණයට ලක් කළ යුතු බව ද පෙනේ. ඔහුගේ රාජ්‍ය කාලය ද දස වර්ෂයක් විය.
පූජ්‍ය එල්ලාටල මෙධානන්ද හිමි