තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
164
5 වන විජයබාහු රජතුමා
කුරුණෑගල රාජධානිය
ක්‍රිව 1335 - ක්‍රිව 1341
5 වන විජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijayabahu V රාජ්‍ය නාමය : 5 වන විජයබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : කුරුණෑගල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1335 - ක්‍රිව 1341

මීට පෙර රජ වූ තුන්වන බුවනෙකබාහු මහරජුගේ පිටුවේ සඳහන් කළ පරිදි මහාවංසයේ 88 වන පරිච්ඡේදයේ 105 ගාථාවේ මෙම රජුගේ ද නම සඳහන් කොට ඇත. එම ගාථාවෙන් හතරවන පරාක්‍රමබාහු මහරජුගේ ඇවෑමෙන් වන්නි බුවනෙකබාහු නමින් රජෙක් වූ බවත් ඒ රජුගේ ඇවෑමෙන් ජයබාහු කුමරු රජ වූ බවත් සඳහන් වේ. මෙම කුමරු පස්වන විජයබාහු මහරජු ලෙස හඳුනාගත හැක. මෙහි දී මහාවංසයේ අඩුවක් ඇති බව නිගමනය කිරීමට පුළුවන. මෙම කාලයට අයත් විස්තර රචනා කිරීමේ දී මහාවංස කතුවරයා තොරතුරු සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව පෙනේ. සමස්තයක් වශයෙන් යාපහුව හා කුරුණෑගල රාජධානියේ රජකළ රජවරුන් පිළිබඳ ව හා ඔවුන්ගේ පරම්පරාව පිළිබඳ ව තොරතුරු ඉතාමත් විරල ය. ඉහත කී තුන්වන            බුවනෙකබාහු මහරජු, පස්වන විජයබාහු මහරජු හා මින් පසු ව රජ වූ හතරවන බුවනෙකබාහු මහරජු පිළිබඳ ව ද මහාවංසයේ තොරතුරු ගාථා 4කින් අවසන් කරයි. 
 
විල්වල සහ කෑරගල සෙල්ලිපිවල මෙම රජුගේ එකොළොස්වෙනි රාජ්‍ය වර්ෂය පිළිබඳ ව සඳහන්වන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි7-. ඒ අනුව තුන්වන බුවනෙකබාහු රජු හා මෙම රජු සමකාලීන රජවරුන් ලෙස සිතිය හැක.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්