තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
158
4 වන විජයබාහු රජතුමා
දඹදෙනිය රාජධානිය
ක්‍රිව 1272 - ක්‍රිව 1274
4 වන විජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijayabahu IV රාජ්‍ය නාමය : 4 වන විජයබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : දඹදෙනිය රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1272 - ක්‍රිව 1274

ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු මහරජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාත්‍යවරයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු මහරජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු මහරජ නමින් ක්‍රිස්තු වර්ෂ 1272 දී රාජ්‍යත්වයට පත් විය. තමාගේ පාලන කාලය තුල ම තම පියා ජීවත්ව සිටිය දී ම තමන් පියරජුගේ අතිජාත පුත්‍රයෙකු ලෙස පසක් කරලීම සඳහා විජයබාහු රජතුමන් තම පිය රජතුමන් සැදූ දළදා මාලිගය දිරාපත්ව ඇති බැවින් එය පෙර තිබූවාට වඩා ඉතා අලංකාරවත් ලෙස නැවත පිළිසකර කොට පුද පූජා පැවැත්වීය. එමගින් මෙතුමා පිය රජුගේ ආදරය තව තවත් වැඩි කරගත්තේ ය. මාඝ         ආක්‍රමණයෙන් විනාශ වූ පොළොන්නරුව නැවත ගොඩනැගීමට මහරජු ක්‍රියා කළේ ය.       අනුරාධපුර රාජධානියේ ද විනාශ වූ ස්ථාන නැවත සකස් කිරීමට රජු ක්‍රියා කළේ ය. තම පියාගේ අඩි පාරේ යමින් සමාජයීය හා ආගමික වශයෙන් විශාල වූ සේවාවක් කළ හතරවන විජයබාහු මහරජතුමා මිත්‍ර සෙනෙවියෙකුගේ අනුදැනුම මත දාසයෙකු විසින් මරණයට පත්කරන ලදී. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්