තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
80
කුමාරදාස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 512 - ක්‍රිව 520
කුමාරදාස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kumaradasa රාජ්‍ය නාමය : කුමාරදාස රජතුමා
රාජවංශය : දෙවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 512 - ක්‍රිව 520

මුගලන් රජුගෙන් පසු රජකමට පත් වූයේ කුමාර ධාතුසේන කුමාරයාය. ඔහු මුගලන් රජුගේ පුත්‍රයා විය. මේ රජු මහා බලවත්, දෙවියෙකු වැනි රූපයෙන් යුක්ත වූවෙකැ යි මහාවංසය වර්ණනා කර තිබේ. නාගිරිකන්ද සෙල්ලිපියෙහි මහකුමරතස රජ අපය යනුවෙන් දැක්වෙන්නේ මේ රජුය. රාජාවලිය කුමරදාසෙන් නමින් දකී. කුමාරයාගේ දාසයා යන තේරුම් ඇති කුමාරදාස නාමය රජකුට ගැලපෙන්නක් නොවේ. එහෙත් එය රජුට යෙදී තිබුණු බව ඉහතින් කී සෙල්ලිපිය අනුව තහවුරු වෙයි. මොහුගේ කාලයේ සිදු වූ විශේෂ සිද්ධියක් ගැන වාර්තා නොවේ. ධර්‍ම සංඝායනාවක් කරවා සාසන සෝධනයක් කරවීමක් ගැන ද නොයෙක් පිංකම් කළ බව ද පමණක් සඳහන් වෙයි. පූජාවලිය, රාජාවලිය ආදී ග්‍රන්ථවල මේ රජු දඹදිව කාලිදාස කවියා සමග මිත්‍රව සිටි බවත් ඔහු මළපසු චිතකයට පැන දිවිනසාගත් බවත් සඳහන් වේ. කෝට්ටේ යුගයේ ලියවුණු පැරකුම්බා සිරිත් කතුවරයා රසවත් ප්‍රබන්ධයක් කරමින් විහාර දහ අටක් කරවා වැව් දහඅටක් බැඳි තෙමඟුල් එක්දින යෙදු ජානකීහරණ ආදී කව් ද බැඳි කුමරදස් රජ කාලිදස් නම් කිවිඳුනට සිය දිවිපිදූ බව කියයි. එහෙත් ඔහුට ආරෝපණය කර ඇති විහාර හා වැව් නිර්මාණය ඔහුට නොව ධාතුසේන රජුට අයත් වේ.
 
ඉහත සඳහන් කරන ලද පුවත පරිදි දැනට අප අතර ප්‍රචලිතව ඇති ජානකීහරණ නම් වූ සංස්කෘත මහාකාව්‍යය මේ රජුට ආරෝපනය කර ඇතත් එයට පැහැදිලි සාධක නැත. එනිසා මේ වටිනා ග්‍රන්ථය සිංහල රාජවංශිකයකු කරන ලද බවට සැකයක් නැතත් ඒ මේ කුමාරදාස රජු යැ යි පිළිගත නොහැකිය.
 
කුමාර ධාතුසේන රජුගේ යුගයේ චීනය හා ග්‍රීකය සමග විශේෂයෙන් වාණිජ සම්බන්ධකම් පැවති බවට වාර්තා වෙයි. සොපේටර් නම් ග්‍රීක වෙළෙන්දා ලංකාවට පැමිණ රජු බැහැදැක රජුට කාශියක් ද දුන් බව වාර්තා වී ඇත. විදේශයන් සමග වාණිජ සම්බන්ධතා පැවැති බවට මෙය සාධකයකි. කෘෂි ආර්ථික සංවර්ධනය උදෙසා මේ රජු කරන ලද කිසිවක් ගැන වංසකථාවල දක්නට නොලැබෙතත් නාගිරි කන්ද සෙල්ලිපියෙන් එය පිහිටි බමුණුගිරි විහාරයට ඔහු වැව් අටක් පිදූ බව එළිදරව් වෙයි.
 
මහගරිය, චුගරිය, කබුව, කටවනක, පුලසර, තව, නිලස, ගජ, හා පඩ යනු එම වැව් වේ. මේ වැව් කණවා (කෙණෙවි) සාදන ලද බව ද සෙල්ලිපියෙන් පෙනේ. මේ අනුව වංසකථාවට ඇතුළත් නොවුණ ද කුමාර ධාතුසේන රජු තවත් බොහෝ වැව් සාදන්නට ඇත. පැරකුම්බා සිරිත් කතුවරයා ධාතුසේන රජුගේ කටයුතු මේ රජු සමග පටලවා ගන්නට ඇත්තේ ද ඉහත සඳහන් සෙල්ලිපියේ තොරතුරු අනුව කුමාර ධාතුසේන රජු ද වැව් කරවා තිබූ නිසා විය හැකිය. මේ රජුගේ රාජ්‍ය කාලය වර්‍ෂ නවයක් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්