තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
188
2 වන රාජසිංහ රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1635 - ක්‍රිව 1687
2 වන රාජසිංහ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Rajasinha II රාජ්‍ය නාමය : 2 වන රාජසිංහ රජතුමා
රාජවංශය : විමලධර්මසූරිය
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1635 - ක්‍රිව 1687

තම පියා වූ සෙනරත් මහරජුගේ ඇවෑමෙන් රාජසිංහ කුමරු උඩරට රජවිය. මෙතුමා දෙවන රාජසිංහ මහරජු ලෙස හඳුනාගත හැකි ය. තම පියා මෙන් ජීවිත කාලය පුරා ම මව් රට විදේශිකයන්ගෙන් බේරාගැනීමට අපමණ වූ වෙහෙසක් දැරූ රජෙකු ලෙස හැඳින්විය හැක. ලන්දේසීන්ගෙන් උදව් ලබා, පෘතුග්‍රීසීන් පලවා හැරීමට සමත් වුවත් ලන්දෙසීන්ගෙන් ද ඒ හා සමාන සටන් සඳහා යොමුවීමට මහරජුට සිදුවිය. ක්‍රි.ව. 1638 දී මහරජු හා ලන්දේසීන් අතර වූ ගිවිසුමේ කරුණු ලන්දේසීන් විසින් උල්ලංඝනය කිරීම මෙයට ප්‍රධානම හේතුව යි. 
 
ක්‍රි.ව. 1667 දී රජු දූතයෙකු යවා බි්‍රතාන්‍ය සහය ලබාගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඉන් පසු ව ක්‍රි.ව. 1672 දී ප්‍රංශ වෙළඳ සමාගමක් අතර ගිවිසුමක් අත්සන් කළ ද ඔවුන් ලන්දේසීන් විසින් පලවා හැරීමෙන් එම උත්සාහය ද අසාර්ථක විය. මලබාර් දේශයෙන් නායක්කාර වංශික ප්‍රධාන බිසව ගෙන්වා ගත් රජු, තමන් විසින් සිංහල රාජවංශය අවසන් කිරීමට පළමු පියවර තැබූ බව කිසිදා නොසිතන්නට ඇත. පසු ගිය රජවරුන්ගේ කාලය පුරාම සටන් වලට යොමු වී තිබීම හේතුවෙන් රට තුළ වූ අනෙකුත් සංවර්ධනය පිළිබඳ ව සඳහන් වන කරුණු ඉතාමත් අල්ප ය. තම ජීවිත කාලය පුරාම රට බේරාගැනීමට උත්සාහ දැරූ මෙතුමා  ක්‍රි.ව. 1687 දී මරණයට පත්විය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්