තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
154
2වන පරාක්‍රම පණ්ඩු රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1212 - ක්‍රිව 1215
2වන පරාක්‍රම පණ්ඩු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parakrama Pandu II රාජ්‍ය නාමය : 2වන පරාක්‍රම පණ්ඩු රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1212 - ක්‍රිව 1215

මුලින් පරිච්ඡේදයක විස්තර කර ඇති පරිදි ලෝකේශ්වර ගෙන් පසු සිහසුනට පත්වූයේ තෙවන වරට ලීලාවතී රැජිනය. ඒ විස්තරය මුලින් දක්වා ඇති බැවින් ඇය සිහසුනින් පහකර ඊළඟට සිංහාසනාරූඪ වූ පරාක්‍රම පණ්ඩු රජු ගැන පැහැදිලි කළ යුතු වෙයි. තොරතුරු මෙහිදී පරාක්‍රම පණ්ඩු රජු පාණ්ඩ්‍ය දේශිකයෙකු බවත් ඔහු පාණ්ඩ්‍ය සේනාවක් ගෙන මෙහි පැමිණි ලීලාවතී රැජින සිහසුනෙන් නෙරපා පරාක්‍රම සෙනෙවියා ද පලවා හැර රාජ්‍යය අල්ලා ගත් බවත් මහවංසය පෙන්වා දෙයි. එහෙත් එයට වඩා විස්තරයක් වෙනත් මූලාශ්‍රයහි හිද දක්නට නොලැබේ. දාඨාවංසයෙහි දැක්වෙන පරිදි රාජ්‍ය පාලනයට සුදුස්සෙකු ලෙස පුහුණු කරන ලදැයි කියන මධුරින්ද නම් කුමාරයා මොහු යැයි සමරකුගේ අදහස වෙයි. එහෙත් එයට සාධක දක්නට නොලැබේ. ඔහු වර්ෂ තුනක් තරම් කාලයක් රජකිරීම ගැන සලකන විට මේ යුගයේ පැවති තත්ත්වය අනුව විශේෂ දෙයකි.
 
මේ රජු විසින් කරන ලද කටයුතු කිසිවක් ගැන මූලාශ්‍රයවල සඳහන් වී නැත. ඔහුගේ රාජ්‍ය කාලය මාස තුනක් විය.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්