තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
24
පිලියමාර
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 91 - ක්‍රිපූ 91
පිලියමාරගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Piliyamara රාජ්‍ය නාමය : පිලියමාර
රාජවංශය : ද්‍රවිඩ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 91 - ක්‍රිපූ 91

වළගම්බා මහරජුගේ මාස පහක පාලනයෙන් පසුව ආක්‍රමණයක් ඇති විය. ද්‍රවිඩයන් සත් දෙනෙකුගේ නායකත්වයෙන් යුතු ආක්‍රමණික සේනාවට මුහුණ දීමට තරම් ශක්තියක් වළගම්බා මහරජුට නොමැති විය. සේනාපති මහාරත්තක විසින් ඛල්ලාටනාග මහරජු මරණයට පත් කිරීමෙන් පසුව රාජ්‍යයේ ඇති වූ අස්ථාවරතාවය මෙයට හේතු වන්නට ඇත.

ද්‍රවිඩයන් සත්දෙනාගේ ආක්‍රමණය හේතුවෙන් වළගම්බා මහරජතුමා, ඔහුගේ බිසව වූ සෝමාදේවී, පුත්‍රයා වූ මහානාග කුමරු, ඛල්ලාටනාග මහරජුගේ බිසව වූ අනුලා සහ පුත්‍රයා වූ මහාතිස්ස කුමරු පලා ගියේය. අතරමඟදී සෝමාදේවිය එක් ද්‍රවිඩ නායකයෙකු අතට පත්විය. ඔහු සෝමාදේවිය රැගෙන නැවත පරතෙර ගිය අතර තවත් නායකයෙක් පාත්‍රා ධාතූන් වහන්සේ රැගෙන ගියේය. ඉතිරි වූ ද්‍රවිඩයන් පස්දෙනා විසින් රාජ්‍ය අල්ලා ගත්හ.

ඉතිරි වූ පස්දෙනා අතුරින් පුළහත්ථ රජකමට පත්විය. ඔහුගේ සේනාපතියා වූයේ බාහිය නම් ද්‍රවිඩයාය. ඔහු විසින් පුළහත්ථ මරණයට පත් කොට සිහසුන හිමිකර ගත්තේය. පුළහත්ථට රජකම් කළ හැකි වූයේ වසර තුනක් පමණි.

ඉන් පසුව බාහියගේ සේනාපතියා වූයේ පණයමාර නම් ද්‍රවිඩයාය. පෙරසේම ඔහු ද බාහිය මරණයට පත් කොට රජකම පැහැර ගත්තේය. බාහියගේ රාජ්‍ය කාලය වසර දෙකකි.

ඉන් අනතුරුව පණයමාරගේ සේනාපති වූ පිළයමාර විසින් ඔහු මරණයට පත් කොට රජකම හිමිකර ගත්තේය. පණයමාරගේ රාජ්‍ය කාලය වසර හතකි.

අනතුරුව රාජ්‍යත්වයට පත් වූ පළයමාර මරණයට පත් කොට ඔහුගේ සේනාපති වූ දාඨිය සිහසුන හිමිකර ගත්තේය.

අවසානයේ වළගම්බා මහරජු විසින් දාඨිය මරණයට පත් කොට නැවත රාජ්‍යත්වය ලබා ගන්නා ලදී.

ඉසුර වික්‍රමාරච්චි, මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්