තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
165
4 වන බුවනෙකබාහු රජතුමා
ගම්පොල රාජධානිය
ක්‍රිව 1341 - ක්‍රිව 1359
4 වන බුවනෙකබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu IV රාජ්‍ය නාමය : 4 වන බුවනෙකබාහු රජතුමා
රාජවංශය : සිරිසඟබෝ
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1341 - ක්‍රිව 1359

පස්වන විජයබාහු මහරජුගේ ඇවෑමෙන් ඔහුගේ වැඩිමහල් පුත් බුවනෙකබාහු කුමාරයා රාජ්‍යත්වයට පත්විය. මොහු හතරවන බුවනෙකබාහු රජතුමා ලෙස හැඳින්වෙයි. වසර කිහිපයකට පසු ව තම සහෝදරයා වන පරාක්‍රමබාහු කුමාරයා දැදිගම මුල්කරගෙන පාලනය ගෙන ගිය අතර බුවනෙකබාහු මහරජු ගම්පොළ තම රාජධානිය ලෙස තෝරාගත්තේ ය. මොහු ගම්පොළ ප්‍රථම රජතුමා ලෙස හැඳින්වෙයි. මෙම රජුගේ කාලයේ කළ විශිෂ්ඨ නිර්මාණයන් ලෙස ගඩලාදෙ‚ය විහාරය සහ ලංකාතිලක විහාරය හඳුන්වාදිය හැක. මෙම රජු තමන් —ත්‍රී සිංහලාධීශ්වර˜4- ලෙස හඳුන්වා ගෙන සිටියත් තුන් සිංහලයටම රජු ඔහු නොවන බව පෙනේ. උතුරේ ආර්ය චක්කවර්තී මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ස්වයං පාලනයන් තිබූ බව පෙනේ. මෙම රජු ක්‍රිස්ටල් වලින් සෑදු උපැස් යුවලක් පැළදි බවත් රජුට උපැස් යුවල් සැපයුවේ තමන්ගේ මුතුන් මිත්තන් බවත් දැනටත් එම කර්මාන්තයේ යෙදී සිටින පිළිමතලාව කහඹේ ගුණසෝම මහතා පවසයි.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්