තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
56
IIවන සිරිනාග රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 244 - ක්‍රිව 246
IIවන සිරිනාග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Sirinaga II රාජ්‍ය නාමය : IIවන සිරිනාග රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 244 - ක්‍රිව 246

සහෝදරයා මරා රජකම පැහැරගත් අභයනාග රජුගෙන් පසු වෝහාරතිස්ස රජුගේ පුත්‍රයා වූ සිරිනාග කුමාරයා රජකමට පත් වූයේ ය. මොහු මේ නමින් සිහසුනට පත් දෙවැන්නා වූ නිසා දෙවන සිරිනාග නමින් සැලකේ. මේ රජු ගැන මහාවංසය කරුණු දක්වා ඇත්තේ ගාථා තුනකින් පමණ ය. සමහර රජවරුන් වංසකථා කරුවන්ට විස්තර කිරීමට තරම් දෙයක් කර නැතත් සිරිනාග රජු වැදගත් කටයුතු කීපයක් කර ඇති බව පෙනේ. මහාබෝධියේ හාත්පස ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීම ඉන් එකකි. මහාබෝ ගෙයි වැලි මළුවේ මණ්ඩපයක් කරවීම අනෙක් කටයුත්තකි. සිරිනාග කුමරු රජවන්නට ඇත්තේ වයස්ගත වී විය යුතු ය.
 
තිඹිරිවැව වෙහෙරගල ඇති සෙල්ලිපියක රජ මෙකවණ අඛය නම් රජකුගේ සේසත් නැගූ දෙවන වසරෙහි දී කරන ලද පූජාවක් ගැන
සඳහන් වෙයි. එම පූජාව කරන ලද්දේ අනුලබි (අනුලා කාන්තාව) නම් තැනැත්තියකි. මේ ලිපියෙහි දැක්වෙන ඉහත සඳහන් රජු පුවය සිරිනක මහරජුගේ පුත්‍රයකු ලෙස කියා තිබේ. පුවය යනු පෘථිවීශ්වර යනුයි. මේ සිරිනක මහරජු දෙවන සිරිනාග රජු හැටියට හඳුනා
ගෙන ඇත.
 
සිරිනාග රජු දෙවසරක් රාජ්‍යය කළේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්