තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
104
5 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 718 - ක්‍රිව 724
5 වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Aggabodhi V රාජ්‍ය නාමය : 5 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 718 - ක්‍රිව 724

පසුගිය පරිච්ඡේදයෙන් පෙන්වාදුන් පරිදි මාණවම්ම රජුගේ රාජ්‍ය කාලය වසර තිස්පහක් පමණ වූ බව අපි දනිමු. ඔහුගෙන් පසු රජකමට පත් වී ඇත්තේ කවරෙකු ද යන්නට පිළිතුරක් මහාවංසයෙන් නොලැබෙයි. මන්ද? ඊළඟට රජ වූ තැනැත්තාගේ පුණ්‍යකර්ම විස්තරය මැදින් මහාවංසයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ වන හෙයිනි. එහෙත් මේ අඩුව රාජාවලිය, පූජාවලිය වැනි ග්‍රන්ථ වලින් සපුරා ගැනීමට හැකිවීම ඉතා වැදගත් වෙයි. මාණවම්ම රජුට පුත්‍රයෝ සිවු දෙනෙක් සහ දියණිවරු සිවුදෙනෙක් සිටියහයි මහාවංසයෙහි දැක්වෙතත් ඒ පිළිබඳ වෙනත් තොරතුරක් එහි සඳහන් වී නැත.
 
ඉහතින් සඳහන් කරන ලද ග්‍රන්ථවල මාණවම්ම රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ පුත්‍රයකු වූ අග්‍රබෝධි කුමාරයා බව පැහැදිලි කර තිබේ. මේ අනුව අපට මහාවංසයෙන් හැලී ඇති විස්තරය මෙහිදී එයට එක්කර මාණවම්ම රජුගෙන් පසු රජකමට පත් වූ කුමාරයා අග්‍රබෝධි හැටියට පිළිගත යුතු බව පෙනේ. ඔහුගේ රාජ්‍ය කාලය 698-704 වේ. මේ නමින් පෙනී සිටි පස්වැනි රජු හෙතෙම විය.
 
පස්වන අග්‍රබෝධි රජ ගැන මහාවංසයෙහි ඉතිරි වී ඇති විස්තර කථනය අනුව අපට පෙනී යන්නේ ඔහු ඉතා දැහැමි සිල්වත් රජෙකු බවයි. මහාවංසය මෙසේ දක්වයි. මේ රජුගේ අස්ථානයෙහි යෙදීමක් හෝ නුසුදුසු සංග්‍රහයක් හෝ වරද සහිත ප්‍රයෝජන ගැනීමක් හෝ කිසි කලක නොවීය. ඉතාමත් පිරිසිදුව රාජ්‍ය පාලනය කළේය. මෙය වැදගත් ගුණ කථනයකි.
 
මේ රජු කුමාර කල පල්ලව රාජ්‍යයෙහි පියා සමග වාසය කරන ලද හෙයින් එහි ආභාසය ඔහුට ලැබුණාට සැක නැත. රජ සභාවේ සිරිත් විරිත් මෙන්ම පල්ලව සම්ප්‍රදායන් හොඳින් දැන කියාගෙන සිටින්නට ඇත. අග්‍රබෝධි රජු විසින් කරන ලද පිංකම්
විස්තරය අනුව බලන විට ඔහුගේ රාජ්‍ය කාලය සමෘද්ධිමත් එකක් වූ බව පැහැදිලිය. ඔහු ගෝකණ්ණ විහාරයෙහි පධානඝරය කරවූයේය. මේ වනාහි වර්තමානයෙහි නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ ඇති දැනට කෝනේශ්වරම් නමින් හින්දු කෝවිලක් බවට පත් වී ඇති ස්ථානයයි.
 
දිවයිනේ නොයෙක් ප්‍රදේශවල වෙහෙර විහාර කරවීමෙන් හා ඒවාට ගම්වර පිදීමෙන් ද පෙනීයන්නේ රජුගේ අනුශාසනය දිවයින පුරා පිළිගැනී තිබූ බවය. මුලින් දක්වා ඇති සුවිශේෂ ගුණ කථනයට පාත්‍ර වූ අග්ගබෝධි රජු ගැන වෙනත් වැදගත් තොරතුරක් දැනගැනීමට තිබූ ඉඩකඩ මහාවංසයේ ඌණතාව නිසා මගහැරී තිබේ. මෙතුමාගේ රාජ්‍ය කාලය වර්‍ෂ හයක් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්