තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
108
7 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 772 - ක්‍රිව 777
7 වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Aggabodhi VII රාජ්‍ය නාමය : 7 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 772 - ක්‍රිව 777

හයවන අග්‍රබෝධි රජුගෙන් පසු 711-714 දක්වා රාජ්‍ය විචාල පළමුවන මිහිඳු රජුගේ පුත්‍රයා වූ අග්‍රබෝධි කුමාරයා රජකමට පත් විය. මේ ඒ නමින් පෙනී සිටි හත්වැන්නා වෙයි. මේ කාලයේ අග්‍රබෝධි නමින් පෙනී සිටින කුමාරවරුන් හා රජවරුන් ගණනාවකි. තෝරා බේරා නිවැරදිව ගැනීමට අපහසු තරම්ය. තමාගේ පුත්‍ර මිහිඳු කුමාරයා උපරජයෙහි පිහිටුවා ලූ හත්වන අග්‍රබෝධි රජ වැඩි කලක් වාසය කළේ පොළොන්නරුවෙහිය. හතරවන අග්‍රබෝධි රජු ප්‍රථම වතාවට පොළොන්නරුවෙහි ටික කලක් විසූ නමුත් රාජධානියේ පරිවර්තනයක් නොවීය. මේ රජුද පොළොන්නරුව වාස භවනය කර ගත් නමුත් අගනුවර අනුරාධපුරයම වූයේය.
 
හත්වන අග්‍රබෝධි රජුගේ රාජ්‍ය කාලය තුළ සිදුවූ විශේෂ දෙයක් නොවීය. දිරාගොස් තිබූ මහා බෝධිගෘහය ප්‍රතිසංස්කරණය කිරීමත් ආරාම කීපයක් තැනවීමත් ගැන මහාවංසය වාර්තා කර ඇත. රටේ බොරු නඩු හදන්නන් (කූටට්ටකාරකෙ) විනාශ කළ බවක්ද සඳහන් වේ. මෙයින් එවක පැවැති නිලධාරීන්ගේ දූෂිත බවක් හැඟවෙතැයි සිතිය හැකිය. ධර්‍මකර්‍මයෙන් ශාසන ශෝධනයක් කළ බව කියැවෙන හෙයින් මේ කාලයේදී ශාසනයේ කිසියම් පසු බෑමක් සිදු වී තිබූ බව පෙනී යයි. මුළු දිවයිනෙහිම ගිලනුන්ට බෙහෙත් වර්ග රජු විසින් සපයන ලද බව ප්‍රකාශවීමෙන් පෙනීයන්නේ රජුගේ බලය දිවයිනෙහි අස්සක් මුල්ලක් නැර පිළිගැනී තිබූ බවකි. මේ රජුගේ රාජ්‍ය කාලය වර්‍ෂ හයක්විය. හයවෙනි අග්‍රබෝධි රජුගේ රාජ්‍ය කාලය වූ වර්‍ෂ හතළිහත්. මේ රජුගේ රාජ්‍යවර්‍ෂ හයත් ගැන සලකන විට දෙවැන්නා වයස්ගතව රජකමට පත් වූ බවක් පෙනී යයි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්