123
3 වන සේන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 938 - ක්‍රිව 946

3 වන සේන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 3 වන සේන රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 938 - ක්‍රිව 946
තුන්වන උදය රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ යුවරජු වූ සේන කුමාරයාය. ඒ නමින් පෙනී සිටි තුන්වැන්නා ඔහුය. සිංහල ග්‍රන්ථවල මෙතුමා උදය රජුගේ සහෝදරයෙකු ලෙස දක්වතත් මහාවංසය ඒ ගැන නිහඬය. සෙල්ලිපි සාධකවල හැටියට ඔහු දෙවන සේන රජුගේ සහෝදරයෙකු වූ මහින්ද යුවරජුගේ පුත්‍රයෙකි. කළුදිය පොකුණ ලිපියක මහසෙන් මහරජ් යනුවෙන් දක්වෙන්නේ මේ රජු යැයි පරණවිතාන මහතා කියයි. මේ අනුව ඔහුගේ පියා ලිපියෙහිම කියැවෙන උදාමහරජ් (උදය මහරජ) හැටියට පිළිගැනේ නම් ඔහු දෙවන සේන රජුගේ සහෝදරයෙකු වූ දෙවන උදය රජුය. ඔහුට විදුරා නමින් බිසවක් සිටි බව ද පෙනේ. තුන්වන සේන රජුගේ මව ඇය වූවාය. සෙල්ලිපියේ සඳහන් වන තොරතුරු සිංහල ලේඛනවලට වෙනස්ය. එසේ වුව ද සෙල්ලිපි සාධකය වඩා විශ්වාසසනීය වේ. එහෙත් මෙය නිශ්චය වන්නේ මහසෙන් යනු තෙවන සේන රජුම ද යන හඳුනා ගැනීමේ නිවැරදිතාව අනුවය. රජු තමාගේ මිත්‍රයෙකු වු කුමාරයෙකු යුවරජ කමට පත් මහරජ් කළේය. ඔහු උදය නම් විය.
මේ රජු කරන ලද පිංකම් විස්තරයක් වංසකථාවේ දැක්වෙයි.
පෝදින දුප්පතුන්ට ධනය දීම, අටසිල් සමාදන් වීම, භික්‍ෂූන්ට දන්දීම ආදිය මේ අතර වෙයි. අභයගිරි විහාරයෙහි සලපතර මළුව සෑදීමට කහවණු හතළිස් දහසක් ද දුන් බව කියැවේ. ආර්ථික සංවර්ධනය උදෙසා කැඩී බිදී ගිය වැව් අමුණු හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කළ බව කියැවෙතත් ඒවා නම් වශයෙන් දක්වා නැත. සේත රජුගේ අණ දිවයින පුරා පිළිගැනී තිබු බව පෙනේ. කළුතර දිශාවේ වැල්මිල්ල නම් තැනින් ලබුණු ඔහුගේ සෙල්ලිපිය ද එයට සාධක වේ. මේ කාලයෙහි මලය ප්‍රදේශය පාලනය කරන ලද්දේ ඇමැතියෙකු විසිනි. ඔහු අග්බෝ නම් වූයේය. ඔහු නාගසාල පිරිවෙණ කරවීය. තුන්වන සේන රජුගේ රාජ්‍ය කාලය වර්‍ෂ නවයකි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි