තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
170
වීර අලකේශ්වර රජතුමා
ගම්පොල රාජධානිය
ක්‍රිව 1397 - ක්‍රිව 1411
වීර අලකේශ්වර රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Weera Alakesvara රාජ්‍ය නාමය : වීර අලකේශ්වර රජතුමා
රාජවංශය : අලකේශ්වර
රාජධානිය : ගම්පොල රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1397 - ක්‍රිව 1411

පළමුවාරය 
රයිගම රජකළ කුමාර අලකේශ්වර පන්නා දමා රජකම ලබා ගත්තේ එකොළොස්වන අලකේශ්වර රජුගේ නැග‚යගේ බාල පුත්‍රයා වන වීර අලකේශ්වර කුමාරයා ය. නමුත් වැඩි කලක් ඔහු රජකම් කිරීමට අවස්ථාව උදා නොවු‚. ඔහු ව පලවා හැර ඔහුගේ වැඩිමල් සහෝදරයා වන පස්වන බුවනෙකබාහු මහරජුගේ යුවරජු වූ වීරබාහු කුමරු රජකම ලබාගත්හ. මෙයට හේතුව විය හැක්කේ පස්වන බුවනෙකබාහු මහරජුගෙන් පසු ව රජකම හිමිවිය යුතු ව තිබුනේ ඔහුගේ යුවරජු වීරබාහු කුමරුට වීම නිසා ය. රයිගම දී සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ සටනින් පරාජයට පත් වීර  අලකේශ්වර මහරජු ඉන්දියාවට පලාගිය බව ඉතිහාසයේ සඳහන්. බොහෝ පොත්පත් තුළ වීර අලකේශ්වර මහරජුගේ මෙම පළමුවර රජවීම සඳහන් නොවෙයි. එයට හේතුව ලෙස ඔහු      අභිෂේක නොලබා සිටීම හෝ පස්වන බුවනෙකබාහු මහරජුගේ මර‚න් පසු ව රජකම ගැනීමට තම සහෝදරයා වන වීරබාහු කුමරු කළ සටනින් පසු ව ඉන්දියාවට පලායන්නට පුළුවන. නමුත් සී.ඩබ්. නිකලස් හා සෙනරත් පරණවිතාන මහතා 1961 ප්‍රකාශයට පත්කළ ර්‍ණA ක‍දබජසිැ ්‍යසිඑදරහ දෙ ක‍ැහකදබ” පොතේ කුමාර අලකේශ්වර පහකොට බලය ලබාගත් බවත් එම බලය වැඩිකල් නොගොස් ඔහුගේ වැඩිමල් සහෝදරයා වන වීරබාහු ආදිපාදවරයා විසින් ලබාගත් බවත් සඳහන් වෙයි. (අස්ගිරිය තල්පතේ වීරබාහු රජු, එකොළොස්වන අලකේශ්වර රජුගේ සහෝදරයකු හා ජයසිරි බිසවගේ දෙවන සැමියෙකු වන දේවමන්ත්‍රී හෙවත් දේවමන්ත්‍රීශ්වර ලෙස හඳුන්වාදී ඇත) 

දෙවන වාරය 
පෙර සඳහන් කළ ආකාරයට තම සහෝදරයා වූ වීරබාහු කුමරු සමග රයිගම දී ඇති වූ සටනින් පසුව වීර අලකේශ්වර රජතුමා ඉන්දියාවට පැනගිය බව සඳහන් වේ.  පසු ව නැවතත් පැමි‚ වීර   අලකේශ්වර කුමරු සටනකින් පසු ව රජකම ලබාගත්තේ ය. මෙහි දී දෙවන වීරබාහු මහරජු 1396 පමණ කාලවකවානුවක දී මරණයට පත් වූ බවත් එය සාමාන්‍ය මරණයක් ද නැතහොත් වීර     අලකේශ්වර සමග ඇති වූ සටනකින් මියයාමක් ද යැයි සඳහන් නොවෙයි. එසේම ඔහුගේ පුතුන් වන විජය ඈපා හා තුනයේසා යන දෙදෙනා වීර අලකේශ්වර රාජ්‍යත්වයට පත්වන තුරු පාලනය ගෙනගිය බවද සඳහන් වේ. මෙම රජුගේ රාජ්‍යත්වය සෙංකඩගල ප්‍රභූවරුන් පිළිනොගත් බව පෙනී යයි. එම නිසා ඔවුන් ක්‍රි.ව. 1410 පමණ සේනා ලංකාධිකාර ඇමතිගේ මුණුපුරෙකු වූ පරාක්‍රමබාහු ඈපාණන් රාජ්‍යත්වයට පත්කරන ලදී. 
 
චීනයේ  යුං ලෝ අධිරාජයාගේ සෙන්පතියෙක් වන චෙං හෝ ක්‍රි.ව. 1405 ලංකාවට ගොඩබැස තිබේ. නැවතත් ක්‍රි.ව. 1409 පැමිණ තෑගි බෝග ලබාදී දන්ත ධාතුන් වහන්සේ රැගෙන යාම ඔවුන්ගේ අදහස විය. නමුත් වීර අලකේශ්වරයන් ඔවුන් නිසිලෙස පිළිනොගත් හෙයින් ද ඔවුනට සතුරෙකු ලෙස සැලකූ හෙයින් ද නැවත ක්‍රි.ව. 1411 දී පැමි‚ ඔහු රජු වීර අලකේශ්වර රජු සමග සටනකින් පසුව ඔහු ව අල්ලා චීනයට රැගෙන ගියේ ය. මෙහි දී රජු අල්වා ගත හැකිවූයේ රජුගේ සේනාවලින් ම ලැබුණු ඔත්තුවක් නිසා බව චීන වාර්තාවල දැක්වේ. එසේ එම යුධ රහස් චීන සෙන්පතිට ලබා දුන්නේ පරාක්‍රමබාහු ඈපාණන්ගේ ඔත්තුකරුවෙකු බවට විශ්වාසයක් පවතී. නැවත චීනයෙන් නිදහස ලබා පැමි‚යත්  ඔහු පැමි‚ දිනයේ ම ඝාතනය වූ බව සඳහන් වේ.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්