තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
27
චෝරනාග රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 62 - ක්‍රිපූ 50
චෝරනාග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Choranaga රාජ්‍ය නාමය : චෝරනාග රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිපූ 62 - ක්‍රිපූ 50

 
මචුඩි හෙවත් මහාචූලික මහාතිස්ස රජුගේ අභාවයෙන් පසු චොරනාග කුමාරයා රජකමට පත්විය. ඔහු වලගම්බා රජුගේ පුත්‍රයා විය. මහචූලික කුමාරයා මෙන් ම මේ කුමරු ද වලගම්බා රජු සමග එක් ව දාහතර වසරක් වනවාසයේ සිටියේ ය. මේ කාලය තුළ ඔහු පිළිබඳව ද කිසිදු තොරතුරක් අනාවරණය වී නැත. වලගම්බා රජු මෙහෙය වූ සටන්වල දී චොරනාගගෙන් ඉටු වූ මෙහෙයක් ගැන ද වාර්තා වී නැත.
 
දෙමාපියන් විසින් මේ කුමාරයාට තබන ලද නාමය නාග හෝ මහානාග වේ. ඔහු මහසිළු රජු දවස දාමරිකයෙකු ලෙස කටයුතු කළ බැවින් චොරනාග වී යැ යි සැලකේ. රජකමට පත්වීමට පෙර ඔහු ක්‍රියා කර ඇති ආකාරය වංසකථාවේ දැක්වෙන එක සඳහනකින් පැහැදිලි වෙයි.
 
සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුට අභය භූමියක් හැටියට ආගන්තුක වශයෙන් පැමිණි අවස්ථාවල නවාතැනක් දීම භික්‍ෂූන්ගේ සිරිත විය. චොරනාග කුමාරයා දාමරිකයකු ලෙස හැසිරෙද්දී ආරාම දහඅටක ඔහුට නවාතැන් දී නැත. ඔහු දාමරිකකම් කරමින් දිවයිනේ නොයෙක් දෙස සංචාරය කරන්නට ඇත. රාජ කුමාරයකුට නවාතැනක් නොදීමට තරම් භික්‍ෂූන් පෙළඹුනේ ඔහු රාජ්‍යය පැහැර ගැනීමට හේතුවන දාමරිකකම් කළ නිසා රාජද්‍රෝහියෙකුට සැලකීම වරදක් විය හැකි බැවින් යැ යි කල්පනා කිරීමට ද පුළුවන. අනෙක් අතට ඔහුගේ සදාචාරාත්මක හැසිරීමක් නොතිබෙන්නට ඇත. කුමන අන්දමින් සැලකුව ද චොරනාග රජුගේ ක්‍රියා කලාපය රජ වූ පසු ද වෙනස් නොවූ බව පෙනේ. ඔහු තමාට නවාතැන් නොදුන් භික්‍ෂූන් සිටි ආරාම දහඅටක් විනාශ කළේ ය. අදැහැමින් දොළොස් වසක් රජකම් කර මියගොස් ලෝකාන්තරික නරකයේ උපන් බවත් මහාවංසය දක්වයි. මුලින් සඳහන් කරන ලද සාමකාමී කාලය තුළ ඇති වූ අයහපත් සිද්ධිය මේ චොරනාගගේ ක්‍රියා පිළිවෙළ විය. ඔහු සොරෙකු (විප්ලවකාරයෙක්) වූයේ මහසිළු රජුගේ අන්තිම රාජ්‍ය වර්ෂ කිහිපය නොවේ.
 
තුළ බව පෙනේ. රජුගේ ධාර්මික ක්‍රියා කලාපය මෙන් ම පුන්‍යකා සැදැහැවතෙකු ලෙස ක්‍රියා කිරීම මහජනයාගේ ප්‍රසාදය පිණිස හේතු වූවා විය යුතු ය. ඉක්මනින් රජවීමට අපේක්ෂා කළ නාග චොරයෙකු වී පෙරළි කරන ලද්දේ මේ නිසා වීමට පුලුවන. චොරනාග දාමරිකයකු වූයේ තමාට හිමි රාජ්‍යය මහසිළු කුමාරයා හිමිකර ගැනීම නිසා යැ යි ද සමහරු අදහස් කරති. එහෙත් මෙවක පැවති රාජ්‍යය උරුම ක්‍රමය අනුව එය නිවැරදි සාමාන්‍යයෙන් මේ යුගයේ රාජ්‍ය උරුමය පැවතියේ සහෝදරයාගෙන් සහෝදරයාට පැමිණෙන අන්දමට ය. සහෝදරයන් කීප දෙනෙකු සිටින කළ ඔවුන් පිළිවෙළින් රජ වී අවසන් වූ පසු වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාට රජකම හිමි විය. මෙහි දී සිදු වී ඇත්තේ ද මේ ක්‍රමය වේ. එනිසා වලගම්බා රජුගෙන් ඔටුන්න හිමිවිය යුත්තේ බල්ලාටනාග රජුගේ පුත්‍ර මහසිළු මහතිස් කුමාරයාට මිස චොරනාග කුමාරයාට නෙවේ.
 
චොරනාගගේ කාලයේ සිදු වූ අද්භූත ජනක සිද්ධියක් රාජාවලිකරුවා දක්වයි. දඹදිව පාලනය කළ මිලින්ද රජු බැමිණියක ගැන ඇලී ඇගේ සැමියා මැරවීමට ක්‍රියා කළේ ය. මෙයින් කුපිත වූ බැමිණිය රජුට සාපකර ගෙට වැද මළා ය. මේ නිසා දඹදිව දොළොස් වසක නියංසායක් ඇති විය. චොරනාගගේ අධම ක්‍රියා නිසා මේ රටට ද එම නියං සාය තුන්වසරක් ඉක්ම යනතුරු බලපෑවේය. රාජාවලියේ එන මේ සිද්ධිය සුලු රාජාවලියේ වලගම්බා රජු දවස සිදු වූ බව දක්වයි. මහාවංසයේ සඳහන් නොවන මේ සාගතය වලගම්බා රජු දවස සිදු වූ බවට පැහැදිලිව අට්ඨකථාවලට පිවිස ඇත.
 
චොරනාග රජුගේ දුෂ්ඨ ක්‍රියා රට වැසියන් පමණක් නොව තම බිසොව වුව ද අනුමත කළ බවක් නොපෙනේ. ඔහුගේ ජීවිතය විෂම අදහස් ඇති අනුලා බිසොවගේ වස බඳුනකින් අවසන් වූ බව මහාවංසය දක්වයි. එහෙත් පූජාවලිය, රාජාවලිය ආදී ග්‍රන්ථවල දක්වෙන්නේ මහජනයා විසින් ඔහු විනාශයට පත්කරන ලද බවයි. මේ ග්‍රන්ථවල ඔහුගේ අනුලා නම් බිසොවක් ගැන ද සඳහන් නොවේ. තමා දාමරිකව සිටි කාලයේ ලැගුම් නොදුන් විහාරස්ථාන දහඅටක් චොරනාග විසින් විනාශ කරන ලද බව මුලින් දක්වා ඇත. මේ සාහසික දාමරික ක්‍රියා නිසා මහජන්තාවගේ බලවත් කැළඹිල්ලක් ඇතිවන්නට ඇත. ඒ අවස්ථාව සමහර විට තම මනදොළ සපුරා ගැනීම උදෙසා අනුලා බිසොව ප්‍රයෝජනයට ගත්තා විය යුතු ය. මේ රජුගේ රාජ්‍ය කාලය වසර දොළසකි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්