තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
129
1 වන වික්‍රමබාහු (කාශ්‍යප) රජතුමා
රුහුණු රාජධානිය
ක්‍රිව 1029 - ක්‍රිව 1040
1 වන වික්‍රමබාහු (කාශ්‍යප) රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wickramabahu I රාජ්‍ය නාමය : 1 වන වික්‍රමබාහු (කාශ්‍යප) රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : රුහුණු රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1029 - ක්‍රිව 1040

පස්වන මහින්ද රජු සොළීන්ගේ සිරකරුවෙකු හැටියට උපක්‍රමයෙන් අල්ලාගෙන යාමෙන් පසුව රෝහණ දේශයේ සුළු ප්‍රදේශයක් හැර මේ දිවයිනේ රජරට ඇතුළු විශාල භූමිභාගයක් ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් වූ බව අපි දනිමු. ඔවුන් එම ප්‍රදේශය කෙසේ පාලනය කරන ලද්දේද යන්න පිළිබඳව සොළීන්ගේ ශිලාලේඛන හා දේශීය මූලාශ්‍රයන් ආශ්‍රය කරගෙන එක්තරා ප්‍රමාණයක අධ්‍යනයක් කළ හැකිවේ. ඔවුන්ගේ මධ්‍යස්ථානය වූයේ අනුරාධපුරය නොව පොළොන්නරුවයි. වෙනත් රාජ්‍යයකින් එන බලවේගයක් ගැන මේ කාලයේ සොලීන්ට සැක කිරීමට හේතු නොපෙණිනි. ඔවන්ට ප්‍රශ්නයක් විය හැකිව තිබුණේ රෝහණ දේශයයි. රට නිදහස් කර ගැනීම පිණිස ඒ ප්‍රදේශයෙන් අරගලයක් බිහිවිය හැකිබව ඔවුන් අවබෝධ කරගත්තා විය යුතුය. මේ නිසා එබඳු තත්ත්වයක් උදා වුවහොත් එය පහසුවෙන් මැඩ බලවත් පැවැත්විය හැකි කේන්ද්‍රස්ථානයක් තෝරා ගතයුතු විය. එයට ඉතාමත් සුදුසු භූමිය වූයේ මෙතෙක් කඳවුරක් වශයෙන් පැවැති පොළොන්නරුවයි. ඒ අනුව සොළීහු සිය මධ්‍යස්ථානය හැටියට එය තබා ගත්හ.
 
එහි ඔවුන්ගේ පාලන ප්‍රදේශය මුම්මඩිචෝලමණ්ඩලම් යි නම් කළ අතර පොළොන්නරුව ජනනාථ මණ්ඩලම් යි නම් කෙරිණි.
මේ අදන්දමට සොළීන් දිවයිනේ රජරට තම බලය තහවුරු කරගත් කියයි. නමුදු රෝහණ දේශය හරහා සැඟවී එක්වුණු සිංහලයෝ සිය ජාතික නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමට සංවිධානය වූහ. සොළී රටට අල්ලාගෙන ගිය පස්වන මහින්ද රජුට පුත්‍රයෙක් සිටියේය. ඔහු කාශ්‍යප නම් වූයේය. බාල වයසෙහි සිටි මේ කුමරුවා අල්ලා ගැනීමට සොළීන්ට නොහැකි විය. රටවැසියෝ ළදරුවෙකු වූ මේ කුමාරයා සඟවාගෙන අනාගත අපේක්‍ෂා ඇතිව ආරක්‍ෂා කරගත්හ. කුමාරයා යන්තම් දොළොසැවිරිදි වූවා පමණි. සොළීහු ඒ බව දැනගත්හ. ඔවුහු කුමාරයා අල්ලාගනු පිණිස අසූපන්දහසක සේනාවක් රෝහණයට යැව් බව මහාවංසය මේ වනවිට සිංහල පක්‍ෂයේ බලවත්තු දෙදෙනෙක් රෝහණ දේශයේ විසූහ. මක්ඛකුදෑස වාසී කිත්ති හා මාරගල්ලවාසී බුද්ධ යනු ඒ දෙදෙනා වෙති. මෙහි පළමුවැන්නා විසුයේ කොතැනකදයි හඳුනා ගැනීමට තවමත් පුළුවන් වී නැත මක්ඛකුළෑස යන වචනය දැනට මකුහමු හෝ මුකුහමු යනුවෙන් හෙළ බසට නගා ඇතත් එම ග්‍රාමය කොහි පිහිටියේද යනු පැහැදිලි නැත. එහෙත් මාරගල්ල යනු මරගල ය. එය වර්තමාන මොණරාගල නගරය අසල සිට දිගට විහිදෙන කොටස් කොටස් වෙනත් නම් වලින්ද හැඳින්වෙන නමුත් ඒකාබද්ධව අති මහා කඳු වැටියයි. මෙය ගල්කුළු බහුල, ජල සම්පත් සහිත, ආරක්‍ෂාව අපේක්‍ෂා කරන්නට සැඟවී සිටිය හැකි, සිය ගණන් ගල්ලෙන් හා කුහර ඇති දුර්ගම කන්දකි. මෙහි බුද්ධ සෙනවියා විසූයේ කොතනකදැයි පැහැදිලි නැතත් සමහරවිට වර්තමාන සීතකන්ද නම් කොටසේ වන්නට ඇතැයි සිතිය හැකිය. පොළොන්නරුවෙන් පිටත් වූ අසූපන්දහසක සොළී සේනාවට මුහුණ දෙන ලද්දේ ඉහතින් සඳහන් කරන ලද වීර දෙදෙනා විසිනි. මේ දෙදෙනා යුද්ධ උපායෙහි දක්‍ෂ වූවන් බව මහාවංසය කියයි. සොළී මුළු රුහුණුම කළඹද්දී පළුට්ඨගිරි නම් තැන කඳවුරු බැඳගෙන හයමසක් සටන් කර බොහෝ සොළීන් සෙනෙවියන් නැසූ මේ සෙනවියෝ ඉතිරි වූවන් පොළොන්නරුවට පළවා
හැරියහ.
 
මෙහිලා අපට පැහැදිලි වන වැදගත් කරුණක් නම් රෝහණ වැසි ජනයාගේ රට ජාතිය ආගම වෙනුවෙන් වූ අභීත කැපවීමයි. සොළීන්ගේ බලයට අවනත නොවූ සුළු ප්‍රදේශයක විවිධ ගැටලුවලට සිතකින් මුහුණ දෙමින් වාසය කළ සුළු පිරිසක් වූ මේ සිංහලයෝ අසූපන් දහසක සොළී ආක්‍රමණිකයන්ට මුහුණ දීම සුළු සිද්ධියක් නොවේ. සිංහල සේනාව කෙබඳු අභිමානවත් වූ ධෙර්‍ය්‍ය සම්පන්න ඔවුන් සමග දේශයේ ස්වාධීනත්වය රැකගැනීම උදෙසා යුද වඳින්නට ඇද්ද? සොළීන් පොළොන්නරුව දක්වා පළවා හැරීමට සිංහලයෝ සමත් වූහ. ළපටි වික්‍රමබාහු කුමාරයාගේ දැඩි අධිෂ්ඨානය හමුවේ සොළීහු දණ ගැසූහ. මෙයින් පසු රෝහණ වැසියෝ කාශ්‍යප කුමාරයාට වික්‍රමබාහු යැයි නම් තබා ඔහුගේ අණසකට යටත්ව විසූහ. කුමාර තෙමේ සොළීන් සමග සටන් කිරීම පිණිස යුද්ධ හමුදාවක් පිළියෙළ කළේය. එසේම ඔටුනු පැළඳවීමට අවශ්‍ය ඔටුන්න, සිංහාසනය ආදිය පිළියෙළ කරමින් සිටියදී අභාග්‍යයකට මෙන් දොළොස්වන වර්‍ෂයේදී වාතරෝගයකින් දෙවුන්දරදී මරණයට මේ අන්දමට මේ සිද්ධිය මහාවංසයෙහි වාර්තා වුවද රාජාධිරාජ සොළී රජුගේ මණිමංගලම් සෙල්ලිපියේ දැක්වෙන්නේ මෙයට වෙනස් සිද්ධියකි. වික්‍රමබාහු රජු සොළීන් විසින් මරණයට පත්කරන ලද බව එහි කියැවේ. සමහර විට සෙල්ලිපිය අතිශයෝක්තියෙන් ඉහත සඳහන් වර්‍ෂ ගණනය කුමාරයාගේ වයස නොවිය. රාජාධිරාජ රජුගේ බලය වර්ණනා කළා විය යුතුය. ඔහු රජකමට පත්වූ දිනයේ සිට සැලකුවා වීමට පුළුවන. බොහෝ අනාගත අපේක්‍ෂා සහිතව කුමාරයා වටා එක් රැස්වී සිටි සිංහලයින්ට මෙයින් පසු අපේක්‍ෂා භංගත්වයක් ඇති වූ බවට සැක නැත. ඔවුහු බලවත්සේ කම්පා වූහ. පූජාවලිය මෙසේ කියා ඇත. "ඔහු පිත් වික්‍රමබාහු රජ පිය රජහු සමයෙහි ලක්දිවට බැස පුරා හුන් දෙමළ බල පිරිස් මරා දියපිට නන්වා දොළොස් හවුරුද්දක් රාජ්‍යය කළේය.” මේ විස්තරය
මේ අන්දමටම රාජරත්නාකරයෙහි ද දක්වා තිබේ.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්