තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
179
6 වන විජයබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1513 - ක්‍රිව 1521
6 වන විජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijayabahu VI රාජ්‍ය නාමය : 6 වන විජයබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1513 - ක්‍රිව 1521

අටවන වීර පරාක්‍රමබාහු මහරජුගෙන් පසුව ඔහුගේ වැඩිමහල් පුතු පරාක්‍රමබාහු කුමාරයා ධර්ම පරාක්‍රමබාහු රජු ලෙස රජ වූ බව රාජාවලියේ සඳහන් වෙයි. නමුත් මේ වන විට සොයාගෙන ඇති කරුණු අනුව අටවන වීර පරාක්‍රමබාහු රජුගෙන් පසු ව රාජ්‍යත්වයට පත් වූයේ විජයබාහු කුමරු බව පිළිගෙන ඇත. මෙම රජුගේ කාලයට අයත් සෙල්ලිපි සහ සන්නස් පරීක්ෂා කිරීමේ දී මෙම රජු නොකඩවා සිහසුනේ රැඳී සිටි බවට ඔප්පු වේ. ඉතාමත් අවාසනාවන්ත අන්දමින් මරණය උරුම වූ මෙම රජු ක්‍රි.ව. 1521 වනතෙක් රජකම් කළේ ය. හයවන විජයබාහු මහරජුගෙන් පසුව කෝට්ටේ රාජධානිය කොටස් තුනකට ඛෙදුනේ ය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුග්‍රීසීන් රාජ්‍ය පාලනයට සම්බන්ධ විය.
 
විජයබා කොල්ලය 
හයවන විජයබාහු මහරජතුමන්ට පුත් කුමාරවරු සතර දෙනෙකු සිටියේ ය. ඉන් වැඩිමල් පුතු මහා රයිගම් බණ්ඩාර තරුණ වියේදී ම මරණයට පත්විය. තව ද මහරජුගේ දෙවන බිසවගේ හදාවඩා ගත් දේවරාජා නම් කුමරුවෙක් ද විය. මහරජු තම පුතුන් අමතක කොට මෙම දේවරාජා    කුමාරයාට රජකම ලබාදීමට උත්සාහ කරන ලදී. මේ බව දැනගත් කුමාරවරු සේනාව සමගවිත් කැළ‚යේ කඳවුරු බැඳගත්හ. මේ බව දැනගත් රජු සාමදාන වන මුවාවෙන් කුමාරවරුන් කැඳවා සිරගත කිරීමට සැලසුම් කොට තිබු‚. අවසානයේ සලමාන් නමැති ආගන්තුකයෙකු ලවා මහරජු මරණයට පත්කරන ලදී. මෙය ලක් ඉතිහාසයේ පිය රජු මරා පුත් කුමාරවරු රජ වූ පළමු     අවස්ථාව ලෙස හඳුන්වා දිය හැකි ය. අනුරාධපුර යුගයේ සීගිරිය රාජධානිය කොට ගෙන රජකළ පළමුවන කස්සප මහරජතුමා තම පියා වූ ධාතුසේන මහරජු මැරවූයේ ඔහු රජවී වසර 8කට පසුව බව සදහන් වේ.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්