තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
43
යසලාලක තිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 52 - ක්‍රිව 59
යසලාලක තිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Yassalalaka Thissa රාජ්‍ය නාමය : යසලාලක තිස්ස රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 52 - ක්‍රිව 59

චන්ද්‍රමුඛසීව රජු තිසාවැවේ ජල ක්‍රීඩා පිණිස ගිය අවස්ථාවක දී ඔහු මරණයට පත් කළ යසලාලකතිස්ස කුමරු සිහසුන පැහැර ගත්තේ ය. හෙතෙම රජුගේ සහෝදරයා විය. මේ රජු ගැන මහාවංස කතුවරයාට කිය යුතු දෙයක් නැති වූවා සේ ය. එහි මෙසේ දක්වෙයි.
 
''(හෙතෙම) ලංකා පොළොවට මුහුණක් වැනි වූ ද සුභ වූ ද රම්‍ය වූ ද අනුරාධපුරයෙහි සත් වසක් හා අඩ මසක් රාජ්‍යය කෙළේ ය.” මෙහි වර්ණනා වී ඇත්තේ අනුරාධපුර නගරය ගැන මිස රජු ගැන නොවේ. වෙනත් ඓතිහාසික ලේඛනයක වුව ද යසලාලක තිස්ස රජු විසින් කරන ලද වැදගත් කාර්යයක් ගැන කිසිවක් සඳහන් වී නැත. එහෙත් ඔහු ගැන සඳහන්වන ඉපුල් වැහැර සෙල්ලිපියේ ඔහුගේ පියා විසින් කරවන ලද මුලවොසිය නම් විහාරයට කරාජියේ වැවක් පූජා කරන ලද බව සඳහන් වී තිබේ. මෙහි ඔහු ගැන දක්වෙන්නේ මහනගරහපුත තිසමභ රජ වශයෙනි. එසේ වුවත් මොහු විසින් කරන ලද විනෝදජනක ක්‍රියාවක් වංස කථාවට එක් වී ඇත.
 
මේ රජුගේ දොරටුපාලයකු වූ දත්ත නමැත්තාට සුභ නම් පුතෙක් සිටියේ ය. ඔහු ද දොරටුපාලක තනතුරු දැරී ය. හේ රජු හා සමාන රූපී වූයේ ය. යසලාලකතිස්ස රජු සුභ රාජාභරණයෙන් සරසවා සිහසුනෙහි තබා තමා දොරටුපාල වෙස් ගෙන සිටියේ ය. ඇමති ආදීන් පැමිණ රජු යැ යි සිතා සුභට වදිනු බලා රජු සිනාසුනේ ය. මේ අවස්ථාව තම වාසියට හරවා ගත් සුභ ’’මේ දොරටුපාලයා සිනාසේ යැ” යි කියා රජු මැරවී ය.
 
මහාවංසයෙහි දැක්වෙන මේ පුවත විහිළුවක් වුවද රජකුගේ ජීවිතය නැතිවීමට හේතු වූ බරපතළ සිද්ධියකි. මේ විස්තරය ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන විග්‍රහයක් දක්වයි. රජු දොරටුපල් වෙස් ගැනීම විහිළුවක් හැටියට මෙහි සඳහන් කළත් ඇතැම් උත්සවවල දී දොරටුපල් වෙස් ගැනීම රජවරුන්ගේ සිරිතක් වශයෙන් පැවති බව එතුමා පවසයි. දේවානම් පියතිස්ස රජු බෝධීන් වහන්සේ වැඩම වූ අවස්ථාවෙහි එහි ආරක්‍ෂාවට පැමිණි අටළොස් කුල ජනයාට රාජ්‍යය භාර දී තමා බෝධි ආරක්‍ෂාවට  දොරටුපල් වෙසින් සිටීම මෙහි ලා නිදසුනක් ලෙස ද ඒ මහතා දකී. සුභ බෝධාහාර කුලයකින් පැවතෙන්නකු නම් යසලාලකතිස්ස රජු කළේ ද පැරණි සිරිත අනුගමනය කිරීමක් විය හැකි ය යි ද, එබඳු අවස්ථාවක මේ සිද්ධිය සිදුවන්නට ඇතැයි ද තව දුරටත් එතුමා කියයි.
 
ගැනීමට අනුබල දුන් පිරිසක් නොවූයේ නම් නියම රජු මැරීම නොමැතිව ඔහුට සිහසුන් අරා ඇතැම් විට සුභට රාජ්‍යය අල්ලා රාජ සභාවේ සිටින්නට ඇත. එසේ නිසා මතුවිය හැකි බලවේග කිසිත් සිටීමට හැකි නොවනු ඇත. සුභගේ ක්‍රියාව ගැන කිසිදු විරෝධතාවක් ඇති වු බවට කිසි සාධකයක් ද දක්නට නොලැබේ. මහාවංස විස්තරයෙන් වුවද පෙනී යන්නේ එය සාමාන්‍ය සිද්ධියක් හැටියට් සලකා ඇති බවයි. සමහර විට සිය සහෝදරයා වූ චන්දමුඛ සීව රජු මැරවීම ගැන යසලාලකතිස්ස රජු කෙරේ වැසියාගේ කලකිරීමක් වී දැ යි නොදනිමු. තිබුණේ නම් එයට පළිගැනීම පිණිස රජ මැඳුරෙහි ම කිසියම් කුමන්ත්‍රණයක් තිබී සුභ ගෙන් එය මතු වී ද යන්නත් විමසිය යුතු කරුණකි. මහාවංසා දී ග්‍රන්ථවල සඳහන් වන විහිළුව පිළිබඳ තොරතුරක් දීපවංසයේ නොදැක්වෙයි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්