තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
180
7 වන බුවනෙකබාහු රජතුමා
කොට්ටේ රාජධානිය
ක්‍රිව 1521 - ක්‍රිව 1551
7 වන බුවනෙකබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Buvanekabahu VII රාජ්‍ය නාමය : 7 වන බුවනෙකබාහු රජතුමා
රාජවංශය : සපුමල්
රාජධානිය : කොට්ටේ රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1521 - ක්‍රිව 1551

තමනට හිමිවිය යුතු රජකම පියාගේ දෙවන බිසවගේ කුමරුට ලබාදීමට උත්සාහ කළ බැවින් තම පියා වූ හයවන විජයබාහු මහරජු මරවා පුතුන් තිදෙනා රාජ්‍ය පැහැර ගත්හ. ඒ අනුව කෝට්ටේ රාජධානිය කොටස් තුනකට වෙන් වී ගියේ ය. කෝට්ටේ ප්‍රදේශය අභිෂේක ලත් වැඩිමල් කුමරු බුවනෙකබාහු කුමරුටත් ඛෙන්තර වලල්ලාවිට ප්‍රදේශ රයිගම් බණ්ඩාර කුමරුටත් සතර කෝරළය බාල කුමරු මායාදුන්නේට වශයෙන් ඛෙදා ගන්නා ලදී. 
 
කලක් සමගියෙන් රට පාලනය කර ඔවුන්ගේ සමගිය බිඳී ගියේ රජුගේ දිය‚යගේ පුතු වූ ධර්මපාල කුමරුට රජකම ලබා දීමට සැලසුම් කිරීමත් සමඟ ය. තම සහෝදරයන්ගෙන් ප්‍රහාරයක් එල්ලවේයැයි බියෙන් සිටි හත්වන බුවනෙකබාහු මහරජු පෘතුග්‍රීසීන්ගෙන් සහය පැතීය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් පෘතුග්‍රීසීහු මහරජු ඔවුන් යටතේ නැටවෙන රූකඩයක් බවට පත්කළේ ය. මහරජුට ද ඔවුන්ගේ කැමැත්තට ඉඩ ලබාදීම හැර කළහැකි අන්දෙයක් නොතිබි‚. තම මුණුපුරු පෘතුගාලයට යවා ඔටුණු පැළඳ වීය. නමුත් පෘතුග්‍රීසීන් කොතෙකුත් ඉල්ලීම් කළ ද මහරජු, බුදුදහම අතහැර ක්‍රිස්තියානි භක්තිකයෙකු කිරීමේ වෑයම අසාර්ථක විය. හත්වන බුවනෙකබාහු මහරජු ජීවත්ව සිටිනතාක් කල්ම පෘතුග්‍රීසීන්ට තම මුණුපුරු ධර්මපාල කුමරුවත් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට මහරජු අවස්ථාව දුන්නේ නැත. එයින් කනස්සල්ලට පත් ඔවුන් මහරජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ ය. 
 
මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මායාදුන්නේ මහරජු දැඩි පෘතුග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියක සිටියත් ඔවුන් හා එක්කව කෝට්ටේ රාජධානියට ප්‍රහාර එල්ල කළේ ය. දෙපාර්ශවය අතර සටන් ගණනාවක්ම සිදුවිය. හත්වන බුවනෙකබාහු මහරජු පෘතුග්‍රීසීන්ගෙන් යුධ සහාය ලබාගත්තා මෙන්ම මායාදුන්නේ මහරජු විදේශ රටවලින් යුධ සේනාව රැගෙන විත් සටන් කළේ ය. මේ සියල්ලේ අවසානය ඔවුනොවුන් සටන් කරන අතරතුර මේ රට විදේශිකයන්ට නතුවීමයි. කෙසේ වෙතත් 1550 දෙසැම්බර් 29 වන දින නන්නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මහරජු මරණයට පත්විය. සම්ප්‍රදායට ගරු නොකිරීම හා තම වාසියට රට පාවා දීම පිළිබඳ ව අවසාන කාලයේ මහරජුගේ ඇතිවී තිබුණේ මහත් කළකිරීමක් බව ඉතිහාස කරුණු මගින් වටහා  ගත හැක.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්