මහාවංස ප්‍රදීපිකාව

  • Size - 294mm x 210mm (A4)
  • Inside Pages - 105gsm Semi Glossy Paper
  • Number of Pages - 650
  • Colour Type - Full Colour Book
  • Number of Full Photo Pages - 200+
  • Number of Family Trees - 180+
  • Cover Type - Hard Cover
  • Binding - Swing Perfect Thread Binding
  • Book Name Style - Gold Stamp
  • Book Cover - laminate a layer of transparent (UV) coating
  • පොත ගැන

    මෙම ග්‍රන්ථය වසර 10ක පමණ ප්‍රථිපලයක්. මෙහි ශ්‍රී ලංකා රාජාවලියේ මහරජවරුන් 200ට ආසන්න පිරිසක් පිළිබඳව ඇතුලත් වෙනවා. එම රජවරුන්ගේ පරම්පරා සටහන් (Family Trees) 180කට අධික ප්‍රමාණයක් ඇතුලත් වෙනවා. සෑම රජකෙනෙකුගේම අවම වශයෙන් ඉදිරියට පරම්පරා සටහන් දෙකක් මෙන්ම පසුපසට පරම්පරා දෙක බැගින් විධිමත් ලෙස ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම රජුගේ ඥාතින් පිළිබඳව මෙන්ම රජු හා සම්බන්ධ නිලධරයන් මේ පරම්පරා සටහනටම ඇතුලත් කර තිබීම විශේෂයි. එම රූප සටහන් මගින් අපගේ රාජ පරම්පරාවේ ගලායෑම මැනවින් පාටකයාට ලබාදීමට හැකි වූ බව මගේ විශ්වාසයයි. මෙම සබඳකම් සටහන මේ අයුරින් ලබාගැනීමට ඉතිහාස මෙන්ම වෙනත් ඒ හා සැබදුනු 300කට අධික ග්‍රන්ථ ප්‍රමාණයක් පරිශීලනය කල අතර නෙත් FM Unlimited History හා බෞද්ධයා නාලිකාවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය මෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ද අධ්‍යනය කරනු ලැබුවා. එම සෑම සබඳකමක් සඳහාම එම එක් එක් මුලාශ්‍රයේ අදාළ යොමුවද සටහන් කර ඇත.

    මට විශේෂයෙන් අවශ්‍ය උනා පිටු ගණන් අකුරු නැති නමුත් දත්ත වටිනාකම හැඟවෙන පරිදි වඩාත් ආකර්ෂණිය සහ මනසේ තැන්පත් වන ලෙස මෙම සබඳකම් පාටකයාට ඉදිරිපත් කරන්න. අපේ අතීතය සහ එහි ප්‍රෞඩත්වය අනාගතයට රැගෙන යන්නේ අපගේ දරුවන්. එමනිසා මට අවශ්‍ය වුනා විශේෂයෙන් දරුවන් අරමුණු කරගෙන මෙම ග්‍රන්ථයේ සැකැස්ම නිර්මාණය කරන්න.

    ඉන්පසුව දරුවන්ගේ මනස මේ පිළිබඳව දක්වන උනන්දුව පිලිබඳ විශේෂ අධ්‍යනය රාශියක් කළා. ඔවුන්ගේ මනසේ වීරත්වයේ හටගන්නේ කුමන කරුණු අරභයාද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. එම අධ්‍යනයන්ගේ ප්‍රථිපලයක් අනුව අපේ රජවරුන්ගේ රූප මගින් අපේ ඉතිහාසය පිලිබඳ වීරත්වයක් ඇතිකිරීමට මම මෙම ග්‍රන්ථය මගින් උත්සාහ කළා. මෙම රූප නිර්මාණයද වසර ගණනාවක අධ්‍යනයේ සහ මහන්සියේ ප්‍රථිපලයක්. මෙම රූප නිර්මාණය කිරීමේ අධ්‍යනයන් පිළිබඳ සංශික්ප්ත විස්තරයක් "තාක්ෂණය" පිටුව හරහා ඔබට දැනගත හැක.

    ගැඹුරු අධ්‍යනයකින් පසුව එසේ නිර්මාණය කල අපේ රාජාවලියේ රජවරුන්ගේ වර්ණ රූප 200කට අධික ප්‍රමාණයක් මෙහි අඩංගු වෙනවා. ඒ වගේම මෙම රූප පරම්පරා සටහන් සමග එකතු කිරීමෙන් දරුවන්ට මෙන්ම සියලුම පාටකයන්ට අලසකමකින් තොරව මෙය පරිශීලනය කිරීමට හැකි බව මගේ විශ්වාසයයි.

    නිරන්තරයෙන් ඉතිහාසය තාක්ෂනය සමග බද්ධ කිරීමට මම උත්සාහ දැරුව. එහි ප්‍රථිපලයක් ලෙස මෙම ග්‍රන්ථය ගැලපෙන පරිදි තාක්ෂනය හා සම්බන්ධ කිරීමට මට අවස්තාවක් ලැබුනා. සෑම රජකෙනකු සඳහාම එම රජ්ජුරුවන්ට ආවේනික QR කේතයක් එම රජවරුන්ගේ පිටුවෙහි ඇතුලත් කර ඇති අතර එමගින් පහසුවෙන් එම රජු පිළිබඳව වැඩි විස්තර අප www.mahawansaya.com වෙබ් අඩවිය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැක. තවද මෙම රජවරුන් පිළිබඳව කෙටි සිනමා වැඩසටහන් මගින් තවත් මෙම රජවරුන් මනසේ තැන්පත් කිරීමට තාක්ෂනය හරහා උත්සාහ ගත්තා. එම වීඩියෝ පිලිබඳ වැඩි විස්තරයක් "විශේෂතා" පිටුවෙහි සඳහන් කර ඇති අතර දැනට නිර්මාණය කර ඇති සියලුම සිනමා වැඩසටහන් දර්ශණ අපගේ Youtube නාලිකාවේ ඇතුලත් කොට ඇත.

    තවද පාටකයාගේ මතකය තබාගැනීමේ පහසුව වෙනුවෙන් විවිධ වූ ක්‍රමවේදයන් මෙම ග්‍රන්ථය තුල ඇතුලත් කිරීමට මා වගබලාගත්තා. එක් එක් රාජධානි සඳහා විවිධ වූ වර්ණ භාවිතය සහ රජවරුන් වෙනුවෙන් අංක ක්‍රමයක් හඳුන්වාදීම ඉන් විශේෂිතයි. වර්ණ ක්‍රමය භාවිතයෙන් ග්‍රන්ථයේ එක් එක් රාජධානි අතර පහසුවෙන් යොමුවිය හැකි අතර අංක භාවිතයෙන් ඒ එක් එක් රජු අයත් රාජධානිය පහසුවෙන් මතක තබාගැනීමට අවස්තාව උදාකර ඇත.

    එමෙන්ම ඒ ඒ රජවරුන්ගේ කාලයට අදාළ විශේෂිත වූ සිද්ධීන් රජුගේ රුපයේම පිටිපසින් ඇතුලත් කිරීමෙන් තව තවත් මනසට සමීප කිරීමට උත්සාහ කර ඇත. උදාහරණ වශයෙන් කිර්ති ශ්‍රී මේඝවණ්ණ මහරජුගේ රූපය පිටුපසින් දළදා වහන්සේගේ රුපයක් ඇතුලත් කිරීම සහ මහසෙන් මහරජුගේ රුපය පිටිපසින් ජේතවනාරාම දාගැබ ඇතුලත් කිරීම දැක්විය හැක.

    තවද මට අවශ්‍ය වුනා මෙම ග්‍රන්ථය අලංකාර සහ මනා සැලසුම් සහගත ලෙස පාටකයාට දෙන්න. මෙම ග්‍රන්ථය පිටු 650කින් යුක්තවන අතර එම සියලුම පිටු වර්ණවත් පිටුවේ. මෙම එක පොතක් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මුද්‍රණය කිරීමට හැකි වූයේ ඉතාමත් කුඩා පොත් ප්‍රමාණයකි. එම නිසා ඔබගේ පිටපත වෙන්කරගැනීමට කාරුණික වන්න.

    ඉහත කි විශේෂතා තුලින් මා නිතරම උත්සාහ කලේ අපේ දරුවන් බහුතරයකට නීරස වූ අපේ ලක් ඉතිහාසය රසවත් ලෙස දරුවන්ට ලබාදෙන්න. ඒ වෙනුවෙන් මේ ගත්තා වූ උත්සාහය අනාගතේ අපේ දරුවන්ට බටහිර වීරයන්ගෙන් තොර අපේම මහපොළවේ බිහි වූ වීරයන් වෙනුවෙන් පෙම් බඳින්නට අවස්ථාව උදාවෙනු ඇතැයි මාගේ බලාපොරොත්තුවයි.

    Home | Era | Colony | Dynasty | Works | The Book | About | Contact
    Copyright © www.mahawansaya.com All Right Reserved 2009-2025