ඉසුර වික්‍රමාරච්චි

රාජ්‍ය වර්ෂ 1978 ජූලි 4 වන දින හෝමාගමදී උපත ලද ඉසුර වික්‍රමාරච්චි, ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සහිත පියසේන වික්‍රමාරච්චි සහ දයාවතී ඉලේපෙරුම ආරච්චිට දාව උපන් බාල පුත්‍රයාය.

ඉසුර වික්‍රමාරච්චි මූලික අධ්‍යාපනය ලැබුවේ හෝමාගම දැඩිගමුව ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයෙනි. වසර ගණනාවකට පසුව එම පාසලෙන් 5 වසර ශිෂ්‍යත්වය විභාගය සමත්වන ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට ඇතුලත් විය.

1997 විදේශ සංචාරක ආයතනයකට සම්බන්ධ වූ මොහු එම ආයතනය හරහා තොරතුරු තාක්ෂණයට මූලික අත්පොත් තැබුවේය. පසුව 2000 වසර බෙල්ජියම් මෘදුකාංග සමාගමක මෙරට ශාඛාවේ UI Designer කෙනෙකු ලෙස සම්බන්ධ වූ මොහු එම ආයතනයේ ප්‍රධාන UI Designer ලෙස උසස්වීම් ලැබීය.

2003 වසරේ තමන්ගේම වෙබ් නිර්මාණ ආයතනයක් ආරම්භ කල මොහු වසර කිහිපයකින් ලංකාවේ වැඩිම වෙබ් අඩවි නිර්මාණය කල ආයතනය බවට පත්විය. ඔස්ට්‍රලියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක ශාඛා පවත්වාගෙන යමින් වෙබ් අඩවි නිර්මාණකරණයේ විශේෂිත වූ දස්කම් දැක්වීය.

ඉසුර වික්‍රමාරච්චි විසින් පවත්වාගෙන යනු ලබන Sinhala Cinema Database - www.films.lk වෙබ් අඩවිය වෙනුවෙන් LK Domain registry ආයතනය මගින් පවත්වන්නට යෙදුනු ප්‍රථම සම්මාන උළෙලේදී ලංකාවේ හොඳම විනෝදාත්මක වෙබ් අඩවිය යන සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේ ආරම්භ කල මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතක් නිර්මාණය කල චිත්‍රපට 2000කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ඇතුලත් කර ඇති අතර කලාකරුවන් 15,000කට අධික ප්‍රමාණයකගේ තොරතුරු ඇතුලත් කර ඇති අතර චිත්‍රපට සහ කලාකරුවන්ගේ චයාරුප 20000කට අධික ප්‍රමාණයක් ඇතුලත් කර ඇත. මෙතරම් දත්ත ඇතුලත් ශ්‍රී ලාංකේය සිනමාව පිළිබඳව තොරතුරු දැක්වෙන ප්‍රථම සහ එකම වෙබ් අඩවිය මෙය වේ. මෙම වෙබ් අඩවිය අද දක්වා යාවත්කාලින් වෙමින් පවතී.

එම ආයතනය මගින්ම 2010 වසරේ පැවැත්වූ සම්මාන උළෙලේදී ජනප්‍රියම වෙබ් අඩවි 20 සම්මානය සඳහා ඉදිරිපත්කල www.mahawansaya.com වෙබ් අඩවිය එම සම්මානයට පාත්‍රවිය. 2008 වසරේදී ආරම්භ කල මෙම වෙබ් අඩවිය මගින් රජවරු පිලිබඳ දැනුවත් කිරීමේ මුලික අඩිතාලම දැමිය . "මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථයේ මූලාරම්භය මෙම වෙබ් අඩවියයි . මෙම වෙබ් අඩවියද අද දක්වා යාවත්කාලින වෙමින් පවතින අතර "මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී ග්‍රන්ථය හා සම්බන්ධ වෙමින් තොරතුරු හුවමාරු කරගැනීම හැකි නැවුම් වෙබ් අඩවියද මුදාහැරීමට කටයුතු යොදා ඇත.

ග්‍රන්ථ කර්තෘ ඉසුර වික්‍රමාරච්චි මහතා සමාජ සේවා කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන පුද්ගලයෙකි. "හදවතින්ම දරුවන්ට " යන තේමාව යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දුෂ්කර පාසල් වෙනුවෙන් අවශ්‍යතා සපුරා ඇත. ගලේවෙල ඉහල දිග්ගල විද්‍යාලයේ වේදිකාවක් සහිත ප්‍රධාන ගොඩනැගිල්ල හා හැටන් විග්ටන් වතුයායේ දමිළ විද්‍යාලයේ ගොඩනැගිල්ලද ප්‍රධාන සමාජ සේවා අතර වේ. ඊට අමතරම දෙනියාය කිරිවල්දොල පාසලේ පානීය ජාල ව්‍යාපෘතිය, දෙනියාය යටිහොරගල විද්‍යාලයේ පානීය ජාල ව්‍යාපෘතිය සහ රත්නපුර පැල්මඩුල්ල අභයතිස්ස විද්‍යාලයේ පානීය ජාල ව්‍යාපෘතියද ඉසුර වික්‍රමාරච්චි පදනම යටතේ "හදවතින්ම දරුවන්ට" ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද සේවාවකි. දුෂ්කර පාසල් 25 සඳහා පරිඝණක යන්ත්‍ර ලබාදීම මෙන්ම පාසල් ළමුන් 500කට අධික ප්‍රමාණයකට පාසල් බෑග් සහ පොත්පත් ලබාදීමට මෙම ව්‍යපෘති මගින් සිදු කර ඇත. පසු ගිය වසර 7 කාලය තුල විවිධ සමාජ සේවා ව්‍යපෘති 200කට අධික ප්‍රමාණයක් කල ගෞරවය හා ආඩම්බරය ඔහු සතුය.

නෙලුම්ගල ශ්‍රී කාවන්තිස්ස මහාවිහාරයේ ධාතු මන්දිරයේ උත්තර දිසා බාර නිලමේවරයා ලෙස කටයුතු කරන ඉසුර වික්‍රමාරච්චි මහතා බොහෝ සාසනික කටයුතු වලදීද මුලිකත්වය ගෙන කටයුතු කරන්නෙකි . වෙහෙර විහාර නිර්මාණය සඳහා ශ්‍රම දායකත්වය සැපයීම , වෙහෙර විහාර පිළිසකර කිරීම මෙන්ම රටපුර විසිරි සිටින භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කුඩා තාක්ෂණික මෙවලම් සැපයීම ආදී බොහෝ සාසනික සේවාවන් සැපයීමට මුලිකත්වය ගෙන කටයතු කර ඇත . මෙම සාසනික පින්කම් ඉසුර වික්‍රමාරච්චි පදනම යටතේ "හදවතින්ම සසුනට " ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූවකි.

තොරතුරු තාක්ෂණයේ වසර 26ක අත්දැකීමක් සතුව ඇති ඔහුගේ තොරතුරු තාක්ෂණික දැනුම මෙම ග්‍රන්ථය සඳහා මැනවින් ප්‍රයෝජනයට ගෙන ඇත . වර්තමානයේ දැඩි කතාබහට ලක්වන "කෘතීම බුද්ධිය" මෙහෙයවීමේ අත්දැකීම් සම්භාරයක් ඇති මොහු එම දැනුම දරුවන්ගේ ඉතිහාස දැනුම ඉහල නැංවීමට "මහාවංස ග්‍රන්ථය" සඳහා යොදාගෙන තිබේ. 1998 වසරේ Micromedia Flash මෘදුකාංගය භාවිතා කරමින් නිර්මාණය කල වෙසක් තොරණ ලංකාවේ පළමුවෙන්ම නිර්මාණය කල වෙසක් තොරණයි. තාක්ෂණ විෂයට අත්පොත් තැබූ දින පටන් එය නිර්මානාත්මය සහ දරුවන්ට සුදුසු පරිදි ඉදිරිපත් කිරීමට ඔහු නිරන්තරයෙන් උත්සාහ ගෙන තිබේ. වසර 26ක තොරතුරු තාක්ෂණයේ අත්දැකීම් සමග ඉදිරපත් කල මෙම ඉතිහාස ග්‍රන්ථයේ දරුවන් ඉතිහාස දැනුමින් සන්නද්ධ කිරීමට උපකාරි වනු ඇත.



නෙලුම්ගල ශ්‍රී කාවන්තිස්ස මහාවිහාරයේ ධාතු මන්දිරයේ උත්තර දිසා බාර නිලමේවරයා ලෙස


ගලේවෙල ඉහල දිග්ගල විද්‍යාලයේ වේදිකාවක් සහිත ප්‍රධාන ගොඩනැගිල්ල


විග්ටන් වතුයායේ දමිළ විද්‍යාලයේ ගොඩනැගිල්ල


දෙනියාය කිරිවල්දොල විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය




දෙනියාය යටිහොරගල විද්‍යාලයේ පානීය ජල ව්‍යාපෘතිය


සඳහිරු සෑය ගොඩනැගීමේ ශ්‍රම දායකත්වය



අනුරාධපුර මීගලෑව ආරණ්‍ය සේනාසනයේ තීන්ත ආලේප කිරීම



අම්බලන්ගොඩ ආරණ්‍ය සේනාසනයේ තීන්ත ආලේප කිරීම




අනුරාධපුරයේ පිරිවෙනක් සඳහා පරිඝණකයක් ලබාදීම


පාසල් 25 පරිඝනක ලබාදීමේ ව්‍යාපෘතිය



පාසල් 25 පරිඝනක ලබාදීමේ ව්‍යාපෘතිය



පාසල් 25 පරිඝනක ලබාදීමේ ව්‍යාපෘතිය




පැල්මඩුල්ල අභයතිස්ස විද්‍යාලයේ පානීය ජාල ව්‍යාපෘතිය


අම්පාර වැව්බැඳීගම විද්‍යාලයේ පානීය ජාල ව්‍යාපෘතිය



විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පන්තිකාමරයට යාබද සනීපාරක්ෂක කාමරය



දරුවන් 500 වෙනුවෙන් පාසල් බෑග් සහ පොත්පත් ලබාදීමේ ව්‍යාපෘතිය


Home | Era | Colony | Dynasty | Works | The Book | About | Contact
Copyright © www.mahawansaya.com All Right Reserved 2009-2025