අයිතිය තහවුරු කිරීම


මෙම ග්‍රන්ථය ලබාගත් කෙනෙකුට එහි අයිතිය තමාගේ යැයි තහවුරු කරගත හැක. සෑම පොතක ම ඊට ආවේනික වූ QR කේතයක් ඇත. එම කේතය ීජ්බ කිරීම මගින් ඔබගේ පොතට ආවේනික වූ QR කේතය සමග අපගේ වෙබ් අඩවිය සම්බන්ධ වේ. පසුව ඔබගේ අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත ඇතුළත් කිරීමෙන් එම පොතේ අයිතිය ඔබට තහවුරු කරගත හැක. එසේ අයිතිය තහවුරු කළ පාඨකයන්ට පමණක් පොත හා වෙබ් අඩවිය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකි අතර එමගින් ඔබට ඉතිහාස කරුණු පිළිබඳව වඩ වඩාත් යාවත්කාලීන වීමට හැකියාව ඇත. ඔබ මිළ දී ගත් පසු පොත තවත් කෙනෙකුට පැවරුවේ නම් ඒ පිළිබඳව ද තොරතුරු යාවත්කාලීන කිරීමට හැකියාව ඇත.

ග්‍රන්ථයේ කරුණු යාවත්කාලීන කිරීමට හැකිවීම.

මෙම ක්‍රමය ග්‍රන්ථයකට ඇතුළත් කරන ලෝකයේ පළමු අවස්ථාව විය හැක. සාමාන්‍යයෙන් පොතක් මිළ දී ගත් පසු එහි අඩංගු කරුණු නිවැරදි කිරීමට එම පොත තුළ පාඨකයාට අවස්ථාව හිමි නො වේ. නමුත් ඉතිහාසය හැදෑරීමේදී ඉතිහාස කරුණු නවතම සොයාගැනීම් මත වෙනස් වීමට පුළුවන. ඒ නිවැරදි කිරීම් පිළිබඳව පාඨකයා දැනුවත් කිරීම ට මෙම විශේෂිත වූ ක්‍රමය මගින් අවස්ථාව හිමිවේ. ඉහත සඳහන් කරුණු පරිදි ඔබගේ ග්‍රන්ථයේ අයිතිය තහවුරු කිරීමෙන් පසු මෙම අවස්ථාව හිමිවේ. මෙම ග්‍රන්ථය නිකුත් කිරීමෙන් පසුව සිදුවන නිවැරදි කිරීම් ඔබගේ ග්‍රන්ථයේ ූඍ කේතය හරහා ඔබට ලබා ගත හැකි අතර කැමති නම් ඔබට එය පොතේ පිටුවක් ලෙස එවන ලෙසට ද ඉල්ලීම් කළ හැක. එම පිටුව ඔබට බාගත කර ගත හැකි අතර එය මුද්‍රණය කර ඇලවීම සඳහා ග්‍රන්ථයේ විශේෂිත වූ ස්ථානයක් වෙන් කොට ඇත.

විවිධ වර්ණ භාවිතය


ග්‍රන්ථයේ පිටුවල විශේෂිත වූ වර්ණ යොදා ගෙන ඇත. එමගින් මා බලාපොරොත්තු වූයේ ලෙහෙසියෙන් පාඨකයාට රාජධානි වෙන් කර හඳුනා ගැනීමට හැකියාව සළසා දීමයි. උදාහරණයක් වශයෙන් කහ පැහැති වර්ණය අනුරාධපුර රාජධානිය සඳහා යොදා ගෙන ඇත. ඔබ ග්‍රන්ථයේ පිටු එකිනෙක පෙරළාගෙන යාමේ දී කහපාට තීරුවලින් අනුරාධපුර රාජධානියට අයත් රජෙකුගේ පිටුවක් බව ලෙහෙසියෙන් හඳුනා ගත හැක. එමෙන් ම ආක්‍රම‚කයන් සඳහා කළු වර්ණය භාවිතා කර ඇත. එමගින් ඔබට රාජධානි අතර මනා හැසිරීමක් කළ හැකි බව මගේ අදහසයි.

රජවරුන්ගේ QR කේත


සෑම රජෙකුටම ආවේණික වූ QR කේතයක් ඒ ඒ රජවරුන්ගේ පිටුවේ ඉහළ කෙළවර ඇතුළත් කර ඇත. එම කේතය SCAN කිරීම මගින් ග්‍රන්ථයේ අඩංගු සබඳකම්වලට අමතරව අනෙකුත් කරුණු බොහොමයක් ද පාඨකයාට දැක ගත හැක. එම රජවරුන් කළ සේවාවන් මෙන්ම අනෙකුත් බොහෝ තොරතුරු ද එමගින් ඔබට දැන ගත හැක.

රාජ අංකය

සෑම රජෙකුට ම නියමිත අංකයක් ලබා දී ඇත. එය රජ වූ අනුපිළිවෙල අනුව සකසා ඇත. (ඇතැම් මූලාශ්‍ර වල රජවරු ප්‍රමාණය සහ රජවරුන් රජ වූ අනුපිළිවෙල වෙනස් විය හැක) එම අංකය අනුවද එම රජු පිළිබඳව මතක තබා ගැනීමේ ශක්තිය වැඩිවන බව මාගේ හැඟීමයි. රජුගේ අංකය අනුව එම රජු කුමන රාජධානියකට අයත් වන්නේද යන්න දරුවන් පහසුවෙන් මතක තබා ගැනීමේ හැකියාව මෙමගින් වැඩි කිරීමට අපේක්ෂා කළෙමි. තවද මෙයට සමගාමී ව පවත්වාගෙන යනු ලබන www.mahawansaya.com වෙබ් අඩවියේ ද මහාවංස ප්‍රදීපිකාව Youtube චැනලයේ ද Facebook පිටුවේ ද TikTok චැනලයේ ද මෙම රාජ අංක නියමිත රජවරුන් වෙනුවෙන් භාවිතා කරන අතර ඉදිරියේ දී මේ වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වල දී ද මෙම රාජ අංක භාවිතා කිරීමට අපේක්ෂා කරමි.

තුලත්ථන මහරජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 119 - ක්‍රිපූ 119




ලජ්ජිතිස්ස මහරජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 119 - ක්‍රිපූ 109




ඛල්ලාටනාග මහරජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 109 - ක්‍රිපූ 103




භාතිකාභය මහරජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිපූ 19 - ක්‍රිව 9





Home | Era | Colony | Dynasty | Works | The Book | About | Contact
Copyright © www.mahawansaya.com All Right Reserved 2009-2025