අභයගිරි විහාරය තැනීම
දායකත්වය : වළගම්බා රජතුමා - (BC 104 - BC 103)

යුගය : අනුරාධපුරය

අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.
 
මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද, පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල, සඳකඩපහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.

 

වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / විහාර]

වෙනත් ක්‍රියාකාරකම්

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS