Magul Maha Viharaya
Era : Anuradhapura
Built : King Dhathusena,
Built : King Dappula I,
Built : King Kavan Tissa,
Reconstruction : Queen Viharamaha Devi,

රෝහණ නැතහොත් රුහුණු මහා විහාරය නමින් හඳුන්වා ඇති පුරාණ විහාරයක් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ලාහුගල පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් A 4 මාර්ගයේ සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 22ක් පමණ දුරකදී මුණගැසෙන පන්සල්ගොඩ හන්දියෙන් හැරී  කි. මී. 1/2ක් පමණ ගිය විට මගුල් මහා විහාරය යනුවෙන් දැන් හැඳින්වෙන මෙම ඓතිහාසික හා  පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි සිද්ධස්ථානය හමුවේ.

දහ හතරවන සියවසට අයත්සේ සැලකෙන පුවරු ලිපි දෙකක් මෙහි පිහිටුවා තිබේ. එක් පුවරු ලිපියක සඳහන්ව ඇති  “සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර” යන පාඨයඅනුව මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බවට අනුමාන කර ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන්කර ඇත්තේ මෙය ධාතුසේන රජතුමා කරවූ විහාරස්ථානයක් බවයි. එසේ වුවත් සෙනරත් පරණවිතාන මහතාද අදහස් කරන්නේ මෙය පළමුවන දප්පුල (දාපුළුසෙන්) රජු කරවන්නට ඇති බවයි  පසු කාලීනව සෙල් ලිපිය කරවද්දී දාපුළුසෙන් යන්න දාසෙන් කැලි ලෙස පැටලෙන්නට ඇති බව ඔහුගේ අදහස වී තිබී ඇත. දහ හතරවන සියවසේදී පරාක්‍රමබාහු සොහොයුරන්ගේ බිසව වූ විහාරමහා දේවිය මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කල බවත් එහි නඩත්තුව සඳහා ඉඩම් පුජා කල බවත් පුවරු ලිපියක දැක්වේ.

පුරාවෘතවල සඳහන් වන්නේ  මෙය ක්‍රි.පූ.205 – 162 පමණ කාලයේ රජ කල කාවන්තිස්ස රජ සමයේ ඉදිකොට ඇති බවයි. කැලණිතිස්ස රජ මුහුදට බිලිදුන් විහාර මහා දේවිය පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයට නිරුපද්‍රිතව ගොඩ බට බවත්, කාවන්තිස්ස රජ ඇය විවාහ කරගත්  ස්ථානයේ මේ විහාරය ඉදිකරවා ඇති බවත් පුරාවෘත වල කියවේ. එහෙයින් මේ විහාරස්ථානය මගුල් මහා විහාරය යනුවෙන් හැඳින්වෙන බව කියති.

පිළිම ගෙයක්, දාගැබක්, භික්ෂු ආවාස, උපෝශථාගාරයක් හා බෝධිඝරයක් ආදිය  මෙහි ගොඩනගා තිබී ඇත.

 

Era : Anuradhapura,

Built : King Dhathusena,

දහ හතරවන සියවසට අයත්සේ සැලකෙන පුවරු ලිපි දෙකක් මෙහි පිහිටුවා තිබේ. එක් පුවරු ලිපියක සඳහන්ව ඇති  “සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර” යන පාඨයඅනුව මෙය ධාතුසේන රජතුමා විසින් කරවන ලද්දක් බවට අනුමාන කර ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන්කර ඇත්තේ මෙය ධාතුසේන රජතුමා කරවූ විහාරස්ථානයක් බවයි. 

Built : King Dappula I,

සෙනරත් පරණවිතාන මහතාද අදහස් කරන්නේ මෙය පළමුවන දප්පුල (දාපුළුසෙන්) රජු කරවන්නට ඇති බවයි  පසු කාලීනව සෙල් ලිපිය කරවද්දී දාපුළුසෙන් යන්න දාසෙන් කැලි ලෙස පැටලෙන්නට ඇති බව ඔහුගේ අදහස වී තිබී ඇත. 

Built : King Kavan Tissa,

පුරාවෘතවල සඳහන් වන්නේ  මෙය ක්‍රි.පූ.205 – 162 පමණ කාලයේ රජ කල කාවන්තිස්ස රජ සමයේ ඉදිකොට ඇති බවයි. කැලණිතිස්ස රජ මුහුදට බිලිදුන් විහාර මහා දේවිය පොතුවිල් මුහුදු මහා විහාරය ආසන්නයට නිරුපද්‍රිතව ගොඩ බට බවත්, කාවන්තිස්ස රජ ඇය විවාහ කරගත්  ස්ථානයේ මේ විහාරය ඉදිකරවා ඇති බවත් පුරාවෘත වල කියවේ. එහෙයින් මේ විහාරස්ථානය මගුල් මහා විහාරය යනුවෙන් හැඳින්වෙන බව කියති.

Reconstruction : Queen Viharamaha Devi,

දහ හතරවන සියවසේදී පරාක්‍රමබාහු සොහොයුරන්ගේ බිසව වූ විහාරමහා දේවිය මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කල බවත් එහි නඩත්තුව සඳහා ඉඩම් පුජා කල බවත් පුවරු ලිපියක දැක්වේ.

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS