ගිරිහඩු සෑය වටදාගේ
Era : අනුරාධපුරය
Built : සීලාමේඝවණ්ණ රජතුමා,

මේ පුදබිමේ ඉතාමත් ආකර්ශනිය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු  වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑයද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. දැන් මෙහි විෂ්කම්භය අඩි 32.5 ක් පමණවන අතර වටදාගෙයි මලුවේ  විෂ්කම්භය  අඩි 79 ක් පමණ වේ. මෙහි දාගැබේ සිට අඩි 3.25 ක් හා අඩි 16 පමණ දුරින් වනසේ  එක වටයක කුළුණු 16 ක් හා අනෙකේ කුළුණු 32 ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත. කුළුණු හිස සමග තනි ගලින් නිමවූ  පිට වටයේ කුළුනක උස අඩි 14.5 ක් පමණ වේ. මිට අමතරව ලී කණු පෙලක්ද  උපයෝගී කරගෙන වහල නිමකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ. වටදාගෙයට ඇතුළුවීම සඳහා සිව්දෙසින්ම් වාහල් කඩ හතරකි. ඒ ඉදිරියේ  සමාධි පිළිම තැන්පත් කර තිබු ගල් ආසන හතරකි. එක සමාධි ප්‍රතිමාවක් ශේෂව ඇත.

 

Era : අනුරාධපුරය,

Built : සීලාමේඝවණ්ණ රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS