3 වන විජයබාහු රජතුමා
1220 - 1224
ඇවෑමෙන්
2 වන පරාක්‍රමබාහු රජතුමා
1234 - 1267
ඇවෑමෙන්
4 වන විජයබාහු රජතුමා
1267 - 1270
 
2 වන පරාක්‍රමබාහු රජතුමා

සිරි සඟ බෝ වංශය | දඹදෙණිය - (1234 - 1267)

දෙවන පරාක්‍රමබාහු යනු කලින් සිටි තුන්වන විජයබහු ර්ජුගේ ලොකු පුතා ය.මායා රටේ රජු ලෙස මේ රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 වන තෙක් ය. දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගල තිබූ දාන්ත ධාතූන් වහන්සේ දඹදෙනිය ට වැඩම කර අති උත්කර්ෂවත් දළදා පූජාවක් පවත්වා මාඝ ගෙන් රට මුදවා ගන්නා බවට මහජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය. භාසා ශාස්ත්‍ර, ආගම් ධර්මය ආදී විසයයන් පිළිබඳ මනා නිපුනතාවයක් තිබූ නිසා මහා පඬි රුවනක් වූ දෙවන පරාක්‍රමබාහු රජ "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන උපාධි නාමයෙන් ද පිදුම් ලැබීය.
 
දෙවන් පරාක්‍රමබාහු රජතුමාට ආක්‍රමණකාරී සටන් 3කට මුහුණ දීමට සිදු විය. ඒවා නම් මාඝ රජු සමඟ පැවති යුද්ධය, චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය හා චන්ද්‍රභානු රජුගේ දෙවන අක්‍රමණයයි.
 
චන්ද්‍රභානු රජුගේ පළමු ආක්‍රමණය දෙවන පරාක්‍රමබාහු රජුගේ එකොළොස්වන රාජ්‍ය වර්ෂයේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 1247 දී සිදු විය. චන්ද්‍රභානු රජු මලය අර්ධ ද්වීපයේ තාම්‍රලිංග දේශයෙන් පැමිණි බව සඳහන් වේ. පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ වීරබාහු කුමරු මෙම සටනේ මූලිකත්වය ගෙන තිබේ. සටනින් පරාජයට පත් වූ චන්ද්‍රභානු පලා ගියේය.
 
මාඝගේ පාලනයෙන් රජරට මුදවා ගැනීම මේ රජුගේ ඊළඟ ප්‍රයත්නය විය. මේ සඳහා දකුණු ඉන්දීය පාණ්ඩ්‍ය අධිරාජයාගේ උදව් ලබා ගෙන ඇත. පාණ්ඩ්‍ය හමුදාවත් පරාක්‍රමබාහු රජුගේ හමුදාවත් නැගෙනහිරින් හා බටහිරින් පොළොන්නරුව වට කොට ක්‍රිස්තු වර්ෂ 1255 දී මාඝ පරාජය කර්න ලදී.
 
මේ රජ දවාස එල්ල වූ මීළඟ ආක්‍රමණය වූයේ පළමුව පරාජයට පත් වූ ජාවක චන්ද්‍රභානු නැවතත් ලංකාව ආක්‍රමණය කිරීමයි. පාණ්ඩ්‍ය අධිරාජයාගෙන් උදව් ලබා ගත් දෙවන පරාක්‍රමබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1261 දී චන්ද්‍රභානු ජීවිතක්ෂයට පත් කළේය. මෙයට හිලව් වශයෙන් පාණ්ඩ්‍ය අධිරාජයා ජාවක රජුගේ පුතකු උතුරු ලංකාවේ නියෝජිතයා වශයෙන් පත් කළ බව සෙල් ලිපිවල සඳහන් වේ.
 
භික්ෂූන් වහන්සේලාගේ විනය නීති පිළිබඳ දඹදෙනි කතිකාවත සම්පාදනය කිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, විදේශ වලින් ධර්මධර හ විනයධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම, කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය යන කෘති රචනා කිරීම යනාදිය මෙතුමා කළ සේවාවන් ලෙස සැලකිය හැකිය.
 
ක්‍රිස්තු වර්ෂ 1258 දී පමණ දෙවන පරාක්‍රමබාහු රජු ගිලන් විය. එවිට රාජ්‍යයේ වැඩ බලන තත්වයට පත් වූයේ දේවපතිරාජ අමාතයවරයා ය. ක්‍රිස්තු වර්ෂ 1262 දී පමණ මේ රජුගේ වැඩිමහල් පුත් වන විජයබාහු කුමාරයා රාජ්‍යයේ වැඩ කටයුතු කරන්න පටන් ගත් නමුත් නිල වශයෙන් රාජ්‍යත්වයේ සිටියේ ක්‍රිස්තු වර්ෂ 1270 වන තෙක් පරාක්‍රමබාහු රජතුමා ය. දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු විජයබාහු කුමාරයා හතරවන විජයබාහු රජ නමින් ක්‍රිස්තු වර්ෂ 1271 දී රාජ්‍යත්වයට පත් විය.
 
ඡායාරූප
Thivanka Pilmageya
පොලොන්නරුව,

ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පොලොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙසද හඳුන්වා ඇත. පොළොන්නරුවේ...


Built : මහා පරාක්‍රමබාහු රජතුමා,
Reconstruction : 2 වන පරාක්‍රමබාහු රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS