එළාර රජතුමා
BC 205 - BC 161
ඝාතනයෙන් පසු
දුටුගැමුණු රජතුමා
BC 161 - BC 137
ඇවෑමෙන්
සද්ධාතිස්ස රජතුමා
BC 137 - BC 119
 
දුටුගැමුණු රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (BC 161 - BC 137)

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.
 
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. දුටුගැමුණු ලෙස පසු කලෙක හැදින්වෙන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින් පසු ඔහු ධර්මගාමිණී ලෙසද හදුන්වන ලදි. මහවංශයට අනුව දුටු ගැමුණු රජු සිය යුද මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසා ඇත. නමුත් මහවංශයට අනුවම ඔහු වසින් පරාජය කල එළාර රජ ආක්‍රමණික විදේශිකයෙකු වුවද ඉතා ධාර්මික රජෙකි.
 
දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදයද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.
 
ලක්දිව දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ අරාබිය, පර්සියාව සහ සමහර බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යයද ඇතුළත් වූයේ යැයි කිව හැක.
 
තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු ගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අදද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටු ගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.
 
මහාවංශයේ සඳහන් වන ප්‍රථම කොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
 
දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමටද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.
 
සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින්ද හැඳින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදීය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටු ගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරුද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි මහරහතන් වහන්සේලාද ඉන්දු - ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ මහරහන්වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් ගිහි පැවිදි සැදැහැවත් පිරිස් පැමිණි බව මහා වංශයේ සඳහන් වේ.
 
තවත් සැළකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්ථූපයක් තැනීමද සඳහන් වේ.
 
ක්‍රියා
  • රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ
  • එළාර රජු පරාජය කිරීම්
  • ලෝවාමහාපාය විහාරය කරවීම
  • මිරිසවැටිය විහාරය කරවීම
  • තුන්සිංහලයම ඵක්සේසත් කිරීම
  • මහියංගනයේ සිටි ජත්‍ර නම් සෙනවියා මැරීය
  • අම්බුටු නගරයේ අම්බුටු සෙනෙවියා මැරීය
  • කොට්ටවදී දෙමල නායකයින් 7ක් මැරීය
  • අතුරඹ දී මහතුන්ඩ සෙනෙවියා මැරීය
  • දෙනගමදී ගවර නම සෙනෙවියා මැරීය
  • හාලකොලදී මහා ඉස්සරිය සෙනෙවියා මැරීය
  • පොල්වත්තහිදී නාලිකා සෙනෙවියා මැරීය
  • දීඝාභයගල්ලහිදී දීඝාභය සෙනෙවියා මරා දමන ලදී
  • කසාතොටහිදී වසකිංච සෙනෙවියා මැරීය
  • වේට නගරයේදී වේට දෙමල නායකයා මරා දමන ලදී
  • භාණක නගරයේදී එහි නායක භාණක මරාදමන ලදී
  • වසිට්ට ගමේදී එහි දෙමල නායක වසිට්ට මරාදැමිය
  • ගාමිණි ගමෙහිදී එහි දෙමල ප්‍රධානි ගාමිණී මරාදමන ලදී
  • කුම්බ ග්‍රාමයේදී කුම්බ සෙනෙවියා මරාදමන ලදී
  • නන්දික ග්‍රාමයේදී නන්දික දෙමල සෙනෙවියා මරාදමන ලදී
  • භානුක ග්‍රාමයේදී භානුක දෙමලනායකයා මරාදමන ලදී
  • තඹුන්නාග්‍රාමයේදී තඹුන්නා දෙමල නායකයා මරාදමන ලදී
  • ගිරිනිල් නගරයේදී ගිරිනිල් දෙමල සෙනෙවියා මරාදමන ලදී
  • මානෙල් නගරයේදී මානෙල් දෙමල සෙනෙවියා මරාදමන ලදී
  •  
    ඡායාරූප
    Mirisawetiya Vihara
    අනුරාධපුරය,

    The Mirisaweti Stupa (Sinhalese: මිරිසවැටිය, Mirisavæṭiya) is situated in the ancient city of Anuradhapura, Sri Lanka.[1] King Dutugamunu (161 BC to 137 BC) built the Mirisaveti Stupa after defeating King Elara. After placing the Buddha relics in the sceptre, he had gone to Tissa Wewa for a bath leaving the sceptre. After the bath he returned to the place where the sceptre was placed, and it is said that it could not be moved. The stupa was built in the place...


    Built : දුටුගැමුණු රජතුමා,

    Ridi Viharaya - Kurunegala
    අනුරාධපුරය,

    Ridi Viharaya (Sinhalese: රිදී විහාරය) or Silver Temple is a 2nd-century BCE Theravada Buddhist temple in the village of Ridigama, Sri Lanka.[2][3] Built during the reign of Dutthagamani of Anuradhapura, the temple is considered as the place where the silver ore, which provided silver to complete Ruwanwelisaya; one of the largest stupa in Sri Lanka, was discovered.[4] According to the chronicles Mahavamsa and Thupavamsa, the Ridi Viharaya complex was built in gratitude...


    Built : දුටුගැමුණු රජතුමා,

    Lowamahapaya
    අනුරාධපුරය,
    Lovamahapaya is a building situated between Ruwanweliseya and Sri Mahabodiya in the ancient city of Anuradhapura, Sri Lanka. It is also known as the Brazen Palace or Lohaprasadaya because the roof was covered with bronze tiles. In ancient times, the building included the refectory and the...


    Built : දුටුගැමුණු රජතුමා,
    Ruwanweliseya
    අනුරාධපුරය,
    The Ruwanwelisaya is a stupa, a hemispherical structure containing relics, in Sri Lanka, considered sacred to many Buddhists all over the world.[1] It was built by King Dutugemunu[citation needed] c. 140 B.C., who became lord of all Sri Lanka after a war in which the Chola King Ellalan, was defeated. It is also known as "Mahathupa", "Swarnamali Chaitya", "Suvarnamali Mahaceti" (in Pali) and "Rathnamali Dagaba".


    Built : දුටුගැමුණු රජතුමා,
     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS