ආති රාජේන්ද්‍ර චෝල
1067 - 1070
ඝාතනයෙන් පසු
1 වන විජයබාහු රජතුමා
1055 - 1070 | 1070 - 1110 |
ඇවෑමෙන්
1 වන ජයබාහු රජතුමා
1110 - 1110
 
1 වන විජයබාහු රජතුමා

විජයබාහු වංශය | රුහුණ - (1055 - 1070)

පළමුවන විජයබාහු ( I වන විජයබාහු / මහා විජයබාහු ) ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේය, එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණදේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමිමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුල බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.
 
විජයබාහු , කිත්ති ( කීති ) යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණදේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිත බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රාහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි. එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දි රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර, සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
 
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ පිපාසාවෙන් මඩිනු ලැබූ හෙතෙම 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා ,මද කලෙකට එය තම ග්‍රහණයට නතු කරගත්තේය. එනමුදු දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුනු සොලී(චෝල) හමුදා වන් නැවතත් ප්‍රහාර එල්ල කළෙන් විජයබාහු තෙම නැවත පසු බැස්සේය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වුනු විජයබාහු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේය. එවිට පාලන බලය සඳහා සටන් වැදි වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහාද මුහුන දීමටද සිදුවිය. ඒවාද විජයග්‍රහණය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙයවුවද සොලීන් අතික්‍රමණය කිරීමට නොපොහොසත් වූයේය.
 
ඡායාරූප
Atadage - Polonnaruwa
පොලොන්නරුව,

දළදා මළුව තුල ඇති පැරණිතම ගොඩනැගිල්ල වන මෙය අඩි 75ක් දිග හා අඩි 45ක් පළලින් යුක්තය. කොරවක් ගල් සහිත පිය ගැටපෙලක්, අන්තරාලයක් හා ගර්භ ගෘහයක් මෙහි දක්නට ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ ගල් කුළුණු 60ක්...


Built : 1 වන විජයබාහු රජතුමා,

Medirigiriya Vatadage
පොලොන්නරුව,

Medirigiriya (Sinhalese: මැදිරිගිරිය) is a town located in Polonnaruwa District in North Central Province, Sri Lanka. The elevation of the town is 61 m (200 ft).  The famous archaeological site of Medirigiriya Vatadage is located about 1 km (0.62 mi) from the town...


Some Construction : කනිට්ඨතිස්ස රජතුමා,
Some Construction : II වන අග්ගබෝධි රජතුමා,
Some Construction : 2 වනසේන රජතුමා,
Reconstruction : 1 වන විජයබාහු රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS