ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි. [6]. පසුව ලංකාවේ අගනුවර වූ බැවින් වත්මන් නම වන මහනුවර හෙවත් කෙටියෙන් නුවර යන නාමය භාවිතයට පත්ව ඇත. "කැන්ඩි" යන ඉංග්‍රීසි නාමය කන්ද උඩ රට යන සිංහල නාමයෙන් විකාශනය වුවක් බව වඩාත් පිළිගත් මතයයි. පෘතුගීසින් කන්ද උඩරට කෙටියෙන් "කන්ඩියා (Candea)" නමින් හඳුන්වා ඇති අතර පසුව එය "කැන්ඩි (Kandy)" යන වත්මන් නමට පරිවර්තනය වී ඇත.
1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය. [7] ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව 1818 දී සහ 1848 කැරලි ක්‍රියාත්මක විය. ඉන් පසු පාලනයේ ප්‍රතිසංස්කරන ගනනාවකට පසු Dominion තත්ත්වය යටතේ 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය.