තම්මැන්නා නුවර - (BC 543 - BC 505)

රත් – කහ වර්ණ ලැටෝසොල් පසින් යුක්තය. එය නිවර්තනීය වනාන්තරවල දක්නට ලැබෙන ඇලුමීනියම්, සිලිකා හා යකඩ වලින් පොහොසත් පසකි. මේ පසේ වර්ණයෙන් තමිරවානි යන පැරැණි නාමය නිපන් බව වාර්තාගත ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. වානි යන වර්ණයයි. ඒ අනුව වානි හෝ වන්නි යන නාමය තමිරවානා, තම්බුවානි, තම්බපන්නි, හෝ තම්මැන්නා යන්නෙන් බිඳී ආවකි. ටුටිකොරින් ප‍්‍රදේශයේ තමිර හරනි යනුවෙන් හැඳින්වෙන ගංගාවක් පවතින අතර පුරාණ කාලයේ දෙරටම යා කැරුණු බිම් කඩක් පැවත ඇත.
 
කි‍්‍ර. පූ. 500 දී පමණ විජය ඇතුළු පිරිස මෙම ප‍්‍රදේශයට ගොඩබට බවත් එය තම්බපන්නි ලෙස හැඳින්වෙන බවත් මහා වංශයෙහි සඳහන් වේ.
 
පාලකයෝ
1 විජය රජතුමාBC 543 - BC 505
 
යුග
  • විජය පරම්පරාව
  • BC 543 - BC 505
     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS