රාජාධි රාජසිංහ රජතුමා
1782 - 1798
ඇවෑමෙන්
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
1798 - 1815
අවසන් වීමෙන්

-
 
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

නායක්කාර වංශය | නුවර - (1798 - 1815)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලංකා රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. ඔහු නායක්කාර වංශයට අයත් දකූණු ඉන්දීය ජාතිකයෙකි. කන්නසාමි නම් වු මොහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකි. කන්නසාමි 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.
 
1798 ඔහුගේ අභිෂේකයට පෙර, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්නසාමි කුමරු ලෙස හැඳින්විණි. ඔහු මදුරාපුර රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑනා විය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය.
 
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය තූල ඛ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ගෙන් අත් පත් කර ගන්නා ලදි. මේ සඳහා මහනුවරින් දේශපාලන මැදිහත් වීම් ඇති නොවීය.නමුත් පිළිමතලාවේ අදිකාරම් ඛ්‍රිතාන්‍යයන් සමඟ රහසිගත කූමන්ත්‍රණයක් කර ගෙන රජු ලවා ඛ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමට ඔහුව පෙළඹවීය. එය ඛ්‍රිතාන්‍යයින්ට රාජධානිය ආක්‍රමණය කිරීමට නිදහසට කරුණක් විය. අදිකාරම් වෙරළාශ්‍රිත බලය ඇති ඛ්‍රිතාන්‍යයින් සමඟ යුධ වැදීමට රජුව මෙහෙයවීය.
 
මහනුවර වැව නිර්මාණය කිරීම. නුතන ශ්‍රී ලංකා ධඡය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය වේ.
 
එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ පටන් පැවතෙන පාරම්පරික රාජ උරුමය සහිත පිරිස් මේ දක්වා ලංකාවේ ජීවත් වෙති.
 
ඡායාරූප
Queen Palace of Kandy
නුවර,

ඛේදජනක ඉරණමක් අත්වූ ලංකාවේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අග මෙහෙසියවූ වෙන්කත රෙංගම්මාල් බිසවටද ඇයගේ පරිහරණය සඳහාම  වෙන්වූ මාලිගයක් තිබී ඇත. මහනුවර ජාතික කෞතුකාගාරයට හා...


Built : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා,

Temple of the Tooth
නුවර,

Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy, which houses the relic of the tooth of the Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sri Lankan kings and is a World Heritage Site mainly...


Built : 1 වන විමලධර්මසුරිය රජතුමා,
Recovered : 2 වන රාජසිංහ රජතුමා,
Reconstruction : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා,
Added : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS