උත්තිය රජුගෙන් පසු, ඔහුගේ සහෝදරයා වූ මහාසිව කුමරු රජකමට පත්විය. අරහත් මහින්ද හිමි විසින් ශ්‍රී ලංකාවට යවනු ලැබූ ධර්මදුත කණ්ඩායමේ භද්දසාල හිමියන් වෙත මෙතුමා පැමිණි බවත්, නැගෙනහිර දිග නගරංගන නම් විහාරයක් නිර්මාණය කර එය ඔහුට පූජා කළ බවත් සඳහන් වේ.
මයියංගණය ආසන්නයේ ඇති ඕලගංගල නම් තැනක හමුවූ ලෙන් ලිපි දෙකක “සිව” නම් රජෙකු ගැන සඳහන් වේ. සමහරු විද්වතුන් විශ්වාස කරන්නේ මෙම සිව රජු මහාවංසයේ සඳහන් සිව රජුම බවය. එසේ නම්, එම ලිපියකින් පෙනී යන්නේ ඔහුගේ පුත්‍රයාද “සිව” යන නම රඳවාගෙන සිටිය බවත්, ඔහුගේ පුත්‍රයා ද එම නම පැවතිය බවත්ය. මෙහි සඳහන් අය සමහරවිට “රජ” ලෙසද සමහරවිට “කුමරු” ලෙසද සඳහන් කර ඇත. නමුත්, ඔවුන් ගැන මහාවංසයෙහි කිසි විස්තරයක් නැත.
මෙම රජු පිළිබඳව මහාවංසයෙහි සඳහන් වන්නේ ගාථා දෙකක් පමණක් වන අතර, ඔහු වසර දසකක් රාජ්‍යය කළ බව එහි සඳහන් වේ.
